පෙට්‍රල් චණ්ඩි අල්ලන්න ෂෙඩ් ළඟට බුද්ධි අංශ

214

ඉන්ධන පිරවුම්හල් හිමියන් සහ පෝලිම්වල සිටින ජනතාව භීතියට පත්කර බලහත්කාරයෙන් ඉන්ධන ලබා ගන්නා පාතාල මැරයන් සහ චණ්ඩින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් සෑම ඉන්ධන පිරවුම්හලකටම යොදවා ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.

මෙම නිලධාරීන් සිවිල් ඇඳුමින් සැරසී ගොස් සිය රාජකාරියේ නිරතවන අතර මේ ආකාරයට බලපෑම්කර බිය ගන්වා ඉන්ධන ලබා ගන්නා මැරයන් හඳුනාගෙන පොලිසිය සමග එක්ව ඔවුන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවද එම ආරංචිමාර්ග කීය.

ඉන්ධන පිරවුම්හල්වලට කඩාවැදි මරණීය තර්ජන එල්ල කර බලහත්කාරයෙන් ඉන්ධන ලබා ගන්නා මැරයන් පිළිබඳව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් මෙන්ම පෝලිම්වල සිටින ජනයාගෙන් දිගින් දිගටම පොලිසියට පැමිණිලි ලැබෙමින් පවතියි.

මේ හේතුව නිසා මෙම මැරයන් පාලනය කිරීමට බුද්ධි අංශ නිලධාරීන් යොදවා ඇති අතර ඔවුන් පොලිසිය සහ යුදහමුදාව සමග එක්ව සිය රාජකාරි ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසයි.

නෝමන් පලිහවඩන – හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment