අරගලයේ ක්‍රියාකාරික වේරංග පුෂ්පික 9 දා තෙක් රිමාන්ඩ්

134

අරගල භූමියේ ක්‍රියාකාරිකයකු වූ අන්තෝනි වේරංග පුෂ්පික ද සිල්වා නමැත්තා තලංගම පොලිසිය විසින් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අගෝස්තු මස 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

බත්තරමුල්ල, ඉසුරුපාය ඉදිරිපිට උද්ඝෝෂණයක් මෙහෙයවා එහි ගේට්ටුව ඇතුළු දේපළවලට අලාභහානි සිදු කළැයි චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරු මෝදර පටුවත, දොඩංදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු වෙනුවෙන් නීතිඥයකු පෙනී නොසිටි බව ද පොලිසිය පවසයි. සහකාර පොලිස් අධිකාරී රොහාන් පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. අනිල් ජයන්ත, උ.පො.ප. ලක්ෂිත, පො.සැ (27855) බන්දුල, පො.සැ (48874) රුවන්, පො.කො (65283) සරත්, පො.කො. (88333) රත්නායක යන නිලධාරීහු පරීක්ෂණ මෙහෙයවති.

කඩුවෙල – සුගත් ප්‍රේමතිලක

advertistmentadvertistment
advertistmentadvertistment