රුසියානු හමුදාවන්ගෙන් යුක්රේනයට දරුණු මිසයිල ප්‍රහාර

473

රුසියාව විසින්.අත්පත් කරගෙන ඇති යුක්රේනයේ දකුණු දිග කර්සන් කලාපය නැවත සියතට ගැනීමට යුක්රේන හමුදා උත්සාහ දැරීම හේතුවෙන් රුසියානු හමුදාවන් විසින් යුක්රේනය පුරා පිහිටි නගරවලට දරුණු මිසයිල ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වී තිබේ.

මේ යටතේ රුසියානු හමුදා විසින් එල්ල කරන ලද දරුණු මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් ‘ක්‍රොපිවිනිට්ස්කියි’ නගරයේ වැසියන් 05 දෙනෙකු මිය ගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් මිසයිල ප්‍රහාරයකින් නැගෙනහිර නගරයක් වන ‘බක්මුට්’ නගරයේ වැසියන් 03 දෙනෙකු මිය ගොස් ඇත. යුක්රේනයේ අගනුවර වන කිව් නගරයට ආසන්න ප්‍රදේශයක යුද හමුදා කඳවුරකට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වී තිබේ. යුක්රේනයේ උතුරු හා දකුණු කලාපවලට ද රුසියානු හමුදාවන් විසින් මිසයිල ප්‍රහාර එල්ල කර තිබේ. රුසියානු හමුදා විසින් අත්පත් කරගත් කර්සන් කලාපය නැවත අත්පත් කරගැනීම සඳහා රුසියානු හමුදා භටයන් යුක්රේනයේ දකුණු දිග ප්‍රදේශවලට කොටු කර තැබීමට යුක්රේන හමුදාවන් විසින් වැඩපිළිවෙළක් දියත් කිරීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර දරුණු සටන් ඇවිළී තිබේ. රුසියානු හමුදා භටයන්ට අවශ්‍ය අමතර භට කණ්ඩායම් හා අවි සැපයීම සඳහා යොදා ගනු ලබන කර්සන් කලාපයේ පිහිටි ඇන්ටනිවිස්කි පාලමට යුක්රේන හමුදාවන් විසින් දුරස්ථ රොකට් ප්‍රහාරයන් එල්ල කර හානි සිදු කිරීම නිසා එම පාලම භාවිත කළ නොහැකි තත්ත්වයක පවතින බව විදෙස් මාධ්‍ය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment