සුරතල් මසුන් ප්‍රවාහන මුවාවෙන් හයිවේ එකෙන් පන්නන්න හැදූ ඩීසල් තොගය මාට්ටු

265

සුරතල් මසුන් ප්‍රවාහනය කරන මුවාවෙන් වැඩි මිලට අලෙවි කිරීමට ඩීසල් තොගයක් දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාගම්පුර පිවිසුමෙන් (හම්බන්තොට) ලොරි රථයකින් රැගෙන යමින් සිටියදී අධිවේගි මාර්ග පිවිසුමේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හම්බන්තොට පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු ලොරි රථයකින් සුරතල් මසුන් ප්‍රවාහනය කරන මුවාවෙන් ඩීසල් ලීටර් 1500ක් රැගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාගම පිවිසුමෙන් යෑමට පැමිණි අවස්ථාවේ එහි රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් විසින් ලොරි රථය පරීක්ෂා කිරීමේදී එහි සඟවා රැගෙන යමින් සිටි ඩීසල් තොගය සොයාගෙන තිබේ. එහිදී සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ වැඩි මිලට අලෙවි කිරීමට මෙලෙස ඩීසල් තොගය රැගෙන යමින් සිට ඇති බවයි. අත්අඩංගුවට පත් ඩීසල් තොගය, ලොරි රථය සමග සැකකරු වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා හම්බන්තොට පොලිසියට බාර දුන් අතර සැකකරු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment