සෙක්ස් සීන් මට ගානක් නැහැ

1661

යූ ටියුබ් පීරන හියුමන් එරේස් ගැන දස්සා කියන මාර කතාව
බිරිඳට ලිප් කිස් නතිං
චමත්කා කියන්නේ හොඳ ගට තියෙන ගැහැනියක්

දසුන් පතිරණ කියන නම දැන් නොදන්නා කෙනෙක් නැහැ. එතරම්ම ඔහුගේ දක්ෂතා ජනතාව අතරට ගිහින් තිබෙනවා. ඒ හින්දම ඔහු මොනවද කරන්නේ කියලා ඔහුගේ රසික රසිකාවියෝ බලාගෙන ඉන්නවා දස්සා මැස්සා වුණාට පස්සේ ලැබුණු ප්‍රතිචාරවලට වඩා ප්‍රතිචාර ලැබෙන්නේ අපි අද කතාබහ කරන්න සූදානම් වෙන චරිතයටලු. හියුමන් එරස් හි දස්සා රඟපාන මොකක්ද මේ යශෝධගේ චරිත ය. ඇත්තට ම මේ වැඩේ දස්සා භාර ගත්තේ ඇයි? කියවලා බලන්න කෝ ඒ ඇයි කියලා.

සෙක්ස් සීන් මට ගානක් නැහැ

හියුමනස් එරේස් හි යශෝධට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාර ද?

ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. නමුත් ගොඩක් කට්ටිය විරුද්ධයි. නමුත් වෙනස් විදිහේ ප්‍රතිචාර ටිකක් ලැබෙනවා. අනික අපි මේ නිර්මාණය කළේ වැඩිහිටියන්ගේ තේමාවක් යටතේ. අපි පොඩි අයට වැඩ කරන්නේ නැහැ. අපි වැඩ කරන්නේ වැඩිහිටියන්ට. මොකද දැනුමක් තේරුමක් තියෙන අයට එපායැ නිර්මාණ කරන්න. ඒක ඇතුළේ සෙක්ස් වයලන්ස් කියන වගේ දේවල් තියෙන්න පුළුවන්. මේ වෙන කොට මේ වැඩේ අයි.ටී.එන් එකේ විතරක් නෙමෙයි යූටියුබ් එක ඇතුළේ පත්තු වෙලා තිබෙනවා.

විකාශනය වුණු කොටස් හයෙන් වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට යූටියුබ් එකේ ටේ‍රන්ඩින් වෙලා තිබෙනවා?

මම හිතනවා අපිට මේ වගේ ශානරයේ නිර්මාණ කතා කරන්න හම්බ වෙන්නේ යූටියුබ් එකේ. අපි ඒක යූටියුබ් එක ඇතුළෙන් එළියට දැම්මා. මම හිතනවා මිනිස්සු ඒ වගේ දෙයක් බලන්න ආසයි. මොකද ලිප්ස් කිස් එකක් කියන්නේ මහා දෙයක් නෙමෙයිනේ. මම හිතනවා ඔය ටේ‍රන්ඩින් වගේ එකක් සිද්ධ වුණේ ලිප්ස් කිස් තියෙන නිසා වෙන්නත් පුළුවන්. අනික ඒ තේමාවත් වැඩිහිටියන්ගේ අසම්මත තේමාවක්නේ.

සෙක්ස් සීන් මට ගානක් නැහැ

සුපුන්ගේ මේ පිටපත අතට හම්බ වෙනකොට දස්සා බය වුණේ නැතිද මේ චරිතය රඟපාන්න?

නැහැනේ. මට මේ වගේ චරිතයක් රඟපාලා ඉවර වෙනවා නම් මීට කලින්නේ ඉවර වෙන්න තිබුණේ. මම ඒ වගේ දේවල්වලට සාමාන්‍යයෙන් බය නෑ. මට සාමාන්‍යයෙන් ඇඳුමක් ගලවනවා කියන්නේ නතිං. මොකද මගේ ෆැමිලි එකට ප්‍රශ්නයකුත් නැති නම් ඔය වගේ දේවල්වලට මොකටද බය වෙන්නේ. හරකෙක් මරනවා වගේ දෙයක් කිව්වොත් නම් මම බය වෙනවා. අපි ගොඩක් දේවල් හංගලා කරපු නිසයි මේ වගේ දේවල්වට කට්ටිය බය. මිනිසුන්ට මාර දෙයක් වුණාට මට නම් මේක මාර දෙයක් නෙමෙයි.

අසම්මතය සමාජගත කරනවා කියලා චෝදනා එල්ල වුණු අවස්ථා එහෙම තියෙනවාද?

ඔව්. ගොඩක් තියෙනවානේ. මම මුලින්ම අසම්මත කතාවක රඟපෑවේ සයපෙති කුසුම චිත්‍රපටයේ. ෆැනිජිපානි මට කරන්න එපාම කියලා කිව්වානේ. අසම්මතය සම්මතය කියලා දෙයක් නැහැ. අපි තමයි සීමාවන් දාගෙන ඉන්නේ. මම කොහොමටත් සම්මතයෙන් පිට පැනපු අසම්මතයට කැමැති මනුස්සයෙක්.

බිරිඳ මේ කතාව නරඹනවා ද?

එයා ඒ වගේ ඒවට අවුලක් නැහැ. මොකද මෙච්චර කාලයක් මගේ ගොඩක් දේවල් එයා බලල තිබෙනවා. මගේ ඇත්තට ලීක් වෙච්ච දේවල් පවා එයා බලලා තියෙනවා. එයාට මා ගැන හොඳ තේරුම් ගැනීමක් තිබෙන නිසයි මම එයත් එක්ක මේ ගමන යන්නේ. එයා මාව දන්නවා. මම එයාව දන්නවා. ඒ වගේ දේවල්වලින් දැනට ප්‍රශ්න වෙලා නැහැ.

දුවලා දෙන්නෙක් ඉන්න හින්ද වගකීම් එහෙම තියෙනවා නේද කියලවත් කිව්වේ නැති ද?

අනේ නැහැ. ඒ වගේ ඒවා එයාට නැහැ. මොකද එයා ලංකාවේ ජීවත් වෙච්ච මනුස්සයෙක් නෙමෙයි. එයා ජපානයේ වගේම ස්වීඩනයේ වසර ගණනාවක ජීවත් වන තරුණියක්. එයාට ලිප් කිස් වගේ ඒවා නතිං. ඒවා මාර මැජික් වෙන්නේ අපේ ලංකාවේ මිනිසුන්ටනේ. එයා ඇහැව්වේ හරියට කළා නේද කියලා විතරයි.

මේ වෙනකොට ක්‍ෂේත්‍රයේ අයගෙන් ඔබට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?

කිසිම අවුලක් නැහැ. ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මොකද ඔහොම ඇඳුමක් ගලවන්න ලංකාවේ කෙල්ලෙකුට ගටක් නැහැ. පිරිමියෙකුටත් ඒ ගට නැහැ. මම කරපු ෆ්‍රැන්ජිපානි” හුස්ම” දැවෙන විහඟුන් වගේ නිර්මාණවල සෙක්ස් සීන් තිබුණා. මට ඉතිං ඒ වගේ චරිත මාර වැඩක් නෙමෙයි හියුමන් එරේස් එකට ආපු ප්‍රතිචාර එක්ක කට්ටිය කියන්නේ මරු දස්සා නියමයි” නියමයි කියලා. අපි කරන්නේ බැරියර් කඩාගෙන යන දේවල්. ආර්ට් කියන්නේ කොටු වෙච්ච දෙයක් නෙමෙයි. ෆුල් ඕපන් එකක්. අපි ඉතිං ඕපන් කරනවා.

යශෝධගේ අසම්මත ආදරයට අන්තිමට මොකද වෙන්නේ?

ඒක ඉතිං බලන්නම වෙයි මොකද දැන්ම ඒ කතාව කිව්වොත් වැඩක් නැහැනේ.

හියුමන් එරේස් දෙවැනි සීරිස් එකෙත් දස්සා ඉන්නව ද?

නැහැ. නැහැ. දෙවැනි සීරිස් එක කරන්නේ වෙනම කාස්ට් එකක්. වෙනම අධ්‍යක්ෂවරයෙක් වෙනම කතා තේමාවක්. මගේ පළමුවැනි වැඩේ ඉවරයි. ඊළඟට ධනුෂ්ක රේමන්ගේ වැඩේ තියෙනවා. ඊළඟට බූඩිගේ වැඩේ තිබෙනවා. ඒක අපි යූටියුබ් එකට පටන් ගත්තු පොඩි වැඩක්. අන්තිමේ ස්වාධීන රූපවාහිනියේ සභාපතිතුමා ඉල්ලලා ගත්තා.

හුස්ම චිත්‍රපටයෙන් පසුව යළිත් වරක් ඔබට චමත්කාව මුණ ගැසෙනවා?

චමත්කා කියන්නේ හොඳ ගට තියෙන ගැහැනියෙක්. හොඳ හයිය තියෙන ගැහැනියෙක්” ලංකාවට හම්බවුණු හොඳ නිළියක්.

මේ දවස්වල කට්ටිය මැස්සා ගැන මොනවද කියන්නේ?

ඉතාම හොඳයි. මැස්සා අපි ඉක්මනටම ඉවර කරනවා. මේ දවස්වල අන්තිම ටික තමයි ෂූට් කරන්නේ. හියුමන් එරේස් එන්න කලින් මැස්සා එක්ක තමයි හිටියේ. මොකද කට්ටිය මට කිව්වේ ද්සසා මැස්සා වෙලා කියලයි. හියුමන් එරස් එකෙන් පස්සේ තමයි ඒ වෙනස ආවේ.

දස්සා වෙනස් වැඩ කරන නළුවෙක්. එහෙමද?

නැහැ. මම ආසා නළුවෙක් විදිහට වැඩ දාන්න තියෙනවා නම් ඒවා ප්‍රේක්ෂකයාට අභියෝග වෙන්න පුළුවන්. මට නම් අභියෝගයක් නෙමෙයි. සෙක්ස් සීන් වගේ දේවල් මට නම් ගානක් නැහැ. ඒක ප්‍රේක්ෂකයාට කුතුහලයක් වෙන්න පුළුවන්. ඒ ගොල්ලො මාරයි කියලා කියන්න පුළුවන්. මම කරන්නේ ආර්ට් එක එළියට දාන එකයි. මම වැඩ භාර ගන්නේ මම ෆීල් වෙනවා නම් විතරයි. ඒවා ඉතින් වෙනස් ඇති. මිනිසුන්ට පුරුදු නැතිව ඇති. ඉතින් අපි මිනිසුන්ට පුරුදු කරන්නත් එපායැ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment