යුගදනවි ගන්න එන ඇමෙරිකානු සමාගම ලියාපදිංචි වෙලා ඉන්නේ හොර තිප්පළක – සුනිල් හඳුන්නෙත්ති

333

‘යුගදනවි’ බලාගාරයේ කොටස් විකිණීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇති ‘ශ‍්‍රී ලංකා පවර් හෝල්ඩිංස්’ සමාගම ඇමෙරිකාවේ හොර සමාගම් ලියාපදිංචි කිරීමේ තිප්පළක් වන ඩෙලිවර් නගරයේ ලියාපදිංචි වී ඇති සමාගමක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

එම සමාගමේ වාර්ෂික බදු මුදල ලෙස සඳහන් කර ඇත්තේ ඩොලර් තුන්සියයක් වැනි සොච්චම් මුදලක් බවත් කී හෙතෙම මෙරට බලශක්තිය පිළිබඳ තීරණ ගැනීම් පවරා දෙන්නේ එවැනි සමාගමකට යැයි ද කීවේය.

ඒ මහතා මේ බැව් පැවසූවේ ඉකුත් 14 වැනිදා පැලවත්ත බත්තරමුල්ලේ පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසීය.

කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් දැන හෝ නොදැන අත උස්සලා තියෙන්නේ ඇමෙරිකාවේ ‘නිව් පෝට‍්‍රස්’ සමාගමට ගිවිසුමක් අත්සන් කරන්න. නමුත් අත්සන් කරලා තිබෙන ගිවිසුම තියෙන්නේ එන්.එෆ්.ඞී. ශ‍්‍රී ලංකා පවර් හෝල්ඩිංස් කියන සමාගමත් එක්ක. මෙතනම බරපතළ වංචාවක් තියෙනවා. ගිවිසුමේ අන්තර්ගතයෙන් කැබිනට් මණ්ඩලය අනුමත කළ කරුණු තියෙනවාද කියන ප‍්‍රශ්නය මූලිකයි. ගිවිසුමේ 35 වැනි පිටුවට අනුව ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් කරන්නේ සුජිත් රුචිර ආටිගල. ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා. ඔහුගේ සාක්ෂිකරුවන් හැටියට අත්සන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදේශකයකු බව කියන කලින් විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් ෆර්ඩිනැන්ඩස්. ඔහු දැන් විදුලි බල අමාත්‍යාංශයේ සභාපති හැටියට මාධ්‍යවලට පැමිණියා. නමුත් ඔහු ගිවිසුම අත්සන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් හැටියට. මෙතන බරපතළ ප‍්‍රශ්නයක් තිබෙනවා.

ඒ වගේම ඩැනියෙල් ක‍්‍රිස්ටෝපර් කියන පුද්ගලයා එන්.එෆ්.බී. ශ‍්‍රී ලංකා පවර් හෝල්ඩිංස් කියන සමාගමේ පාර්ශ්වය වෙනුවෙන් අත්සන් කර තිබෙනවා. එයාගේ සාක්ෂිකරුවන් හැටියට අත්සන් කරන්නේත්, ඒ කියන්නේ ඇමෙරිකානු කොම්පැනිය වෙනුවෙන් අත්සන් කරන්නේ ශ‍්‍රී ලංකා රජයේ සාක්ෂිකරුවාමයි.

ගිවිසුමක මෙහෙම වෙන්න පුළුවන්ද? දෙවැනි සාක්ෂිකාරිය නිමල්කා මොරහෙල. එයාගේ තනතුර ව්‍යාපෘති සම්බන්ධීකාරක. එයා කලින් වැඩ කරලා තියෙන්නේ සංචාරක මණ්ඩලයේ ව්‍යාපෘතිවල. හැබැයි බලශක්ති ව්‍යාපෘතිවල සිටි බව දන්නේ නැහැ.

ක‍්‍රිස්ටෝපර් නයිට් කියන්නේ කවුද? ප‍්‍රධාන මූල්‍ය නිලධාරියාගේ හැටියට ශ‍්‍රී ලංකා පවර් හෝල්ඩිංස් සමාගමේ ඇමෙරිකානු ඇටර්නි බලපත‍්‍රලාභියා තමයි ක‍්‍රිස්ටෝපර් නයිට්. අඩුම තරමේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරියාවත් ලංකාවට එන්නේ නැහැ. ඒ තරම් පහළට දාලා මේ ගිවිසුම අත්සන් කරලා.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment