කළුතරට නව පොලිස් අධිකාරීවරයෙක්

72

කළුතර නව පොලිස් අධිකාරී ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ මහතා පසුගියදා වැඩ භාර ගත්තේය. 1988 උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සේවයට එක්වූ ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ උපාධිය ලබා ඇති අතර සිංගප්පූරුවේදී විශේෂ රථවාහන පාඨමාලාවක් ඇතුළුව දෙස් විදෙස් පාඨමාලා රැසක් හදාරා තිබේ.

සූඩානයේ එක්සත් ජාතින්ගේ සාම සාධක නිලධාරී ඇතුළු තනතුරු රැසක් හොබවා ඇති ඒ මහතා නව තනතුරට පත්වීමට පෙර ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ රාජකාරි කර තිබේ. දක්ෂ පැසිපන්දු ක්‍රීඩකයෙකු වන ඔහු අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment