නළුවා සිරගතයි: ගේම් ගීත එළියට

1135

මේ වනවිට සිරගතව සිටින රංජන් රාමනායක ප‍්‍රධාන චරිතය නිරූපණය කරන ‘‘ද ගේම්’’ සිනමා පටයේ පළමු පූර්ව ප‍්‍රචාරක පටය එළිදැක්වීම සහ ගේම් සිනමාපටයේ ගීත ත‍්‍රිත්වය එළිදැක්වීම ලබන 20 වැනිදා සිදුකෙරේ. ආගමික මතාවාදයකට මුවාවී සිටින ත‍්‍රස්තවාදී කල්ලියකගේ ඉදිරි සැළසුමක් ව්‍යාර්ථ කිරීමට ඉදිරිපත් වන නිර්භීත පොලිස් නිලධාරියෙක් වටා ගෙතුණු කාවක් ද ගේම් සිනමාපටයේදී දිගහැරෙන අතර මෙම සිනමාපටය රූපණය නඟා තිබෙන්නේ සුරංග අල්විස් විසිනි.

නළුවා සිරගතයි: ගේම් ගීත එළියට

ද ගේම් සිනමාපටය වෙනුවෙන් සමන් චන්ද්‍රනාත් වීරසිංහගේ ගීත රචනයකට සංඛ දිනෙත් විසින් ගායනා කළ ‘‘අහස ගුගුරා රාත‍්‍රියේ’’, චන්ද්‍රදාස ප‍්‍රනාන්දු රචනා කළ බුද්ධික උෂාන් සහ උදයංග සුරේෂ් ගායනා කළ ‘‘අන්ද මන්ද වී ඇයි නෝනේ’’ නැමති ගීත දෙක මෙසේ එදින එළිදැක්වීමට නියමිත අතර මෙම ගීත දෙකම සංගීතවත් කර තිබෙන්නෙ ප‍්‍රවීණ සංගීත අධ්‍යක්ෂ සරත් ද අල්විස් විසිනි.

නළුවා සිරගතයි: ගේම් ගීත එළියට
අධ්‍යක්ෂ සුරංග ද අල්විස්

ද ගේම් සිනමාපටයේ එළිදැක්වීමට නියමිත තෙවන ගීතය විශේෂ ගීගයක් වන අතර ඒ ගැන චිත‍්‍රපටයේ අධ්‍යක්ෂ සුරංග ද අල්විස් සඳහන් කරන්නේ… ‘‘පළමු වතාවට මම ලංකාවේ සිනමාපටයකට අයිටම් සෝංග් එකක් ගෙනවා මේ චිත‍්‍රපටියේදී. ඒ ගීතය තමා අපේ පැරණි ජනප‍්‍රිය ගීතයක් වන ‘‘ජීවන ගමන මේ සංසාරේ’’ ගීතය. මේක කල්බ් වර්ෂන් එකක්. මේ ගීතය හැදිල තියෙන්නෙ හින්දි තනුවකට. ගීත රචනාව අයිතිය තිබ්බෙ ආර්. ආර්. සමරකෝන් පදනමට. ද ගේම් චිත‍්‍රපටයට මේ ගීතය භාවිතා කරන්නෙ එම පදනමේ අවසරය ඇතිව.’’ යන්නයි.

ලබන වසරේ ජනවාරි මාසයේ තිරගත කිරීමට සැළසුම් කරන ද ගේම් සිනමාපටයේ රන්ජන් රාමනායක, තරින්දි ප‍්‍රනාන්දු, ශ‍්‍රියන්ත මෙන්ඩිස්, චමිත් වික‍්‍රමගේ, බුද්ධික ජයරත්න, ධනංජය සිරිවර්ධන, චතූ රාජපක්ෂ, සැන්ඩෝ හැරිස් සහ නිල්මිණි කෝට්ටේගේ ඇතුළු තවත් ජනප‍්‍රිය ශිල්පීන් රැසක් චරිත නිරූපණය කරති.

තිස්ස

නළුවා සිරගතයි: ගේම් ගීත එළියට
advertistmentadvertistment
advertistmentadvertistment