ශ්‍රී ලංකන් පාඩුව බිලියන 4.4 දක්වා පහතට – ආදායමත් නගී

375

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි පාඩුව 2022 වර්ෂයේ දෙසැම්බර් මාසයෙන් අවසන් වන මාස නවයේ දී රුපියල් බිලියන 4.4 දක්වා පහත වැටී ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2022 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

2021 වර්ෂයේ මෙම කාලසීමාවේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය රුපියල් බිලියන 15.6ක පාඩුවක් වාර්තා කර තිබුණි. එහෙත් 2022 වර්ෂයේ අවසන් මාස නවයේ දී එම පාඩුව රුපියල් බිලියන 4.4කට සීමා වී ඇති බැව් මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි. මෙම කාලසීමාවේ දී ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි ආදායම සියයට 222.9ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබුණි. මෙහෙයුම් වියදම සියයට 176.0කින් ඉහළ ගියේය.

ගුවන්යානා ඉන්ධන හිඟය උග්‍රවීම, ගුවන්යානා සඳහා නැවත ඉන්ධන පිරවීමට ඉන්ධන නොමැති වීම, ගුවන් සමාගම් විසින් නැවත ඉන්ධන පිරවීම වෙනත් නැවතුම් හරහා සිදුකිරීම හේතුවෙන් මෙහෙයුම් වියදම අධික ලෙස ඉහළ ගොස් තිබුණි. කෙසේ වුවද ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ස්ථාපිත රජය සතු ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය වෙත පවරා ඇති බව ද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment