ශ්‍රීපාද වන්දනාවේ පැමිණ බස් – වෑන් ගැටී 10කට තුවාල

179

ශ්‍රීපාද වන්දනාකරුවන් පිරිසක් රැගත් වෑන් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් වෑන් රථයේ සහ බස් රථයේ ගමන් ගත් වන්දනාකරුවන් දස දෙනකු තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව තුවාලකරුවන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ නිසා තුවාලකරුවන් දෙදෙනා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවූ බව ගිනිගත්හේන පොලිසිය පැවසිය.

18 දින පස්වරු 3 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන මිල්ලගහමුල ප්‍රදේශයේදීය.

ගම්පහ සිට වෑන් රථයකින් ශ්‍රී පාදයේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් ශ්‍රී පාදය වන්දනා කර ආපසු වෑන් රථය ගම්පහ දක්වා ධාවනය කරමින් සිටියදී මාතර සිට ශ්‍රී පාද වන්දනාකරුවන් පිරිසක් රැගෙන නල්ලතන්නිය දක්වා ධාවනය වූ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

වෑන් රථය ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක් අපරික්ෂාකාරී ලෙස ඉස්සර කර යෑමට උත්සාහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ බස් රථයේ වෑන් රථය ගැටී මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන ගිනිගත්හේන පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් වෑන් රථයට සහ බස් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.

ජායාරූප හා සටහන නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment