පේරාදෙණි සිසු විරෝධයටත් කඳුළු ගෑස් – ජල ප්‍රහාර 10 දෙනකුට තුවාල

31

ඉල්ලීම් කීපයක් මුල්කරගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසුන් දහසකට අධික පිරිසක් ඊයේ (31 දා) සවස පැවැත්වූ විරෝධතා පා ගමනට එල්ල කළ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර හේතුවෙන් සිසුන් 10 දෙනකු තුවාල ලැබූ අතර, එහිදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ද හට ගැනිණි.

මෙම ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය පේරාදෙණිය, තානායම අසලදී එල්ල වූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති රජිත මලලසේකර මහතා “දිවයින” ට පැවැසීය.

විශ්වවිද්‍යාලයීය සිසුන් විශ්වවිද්‍යාලය තුළ සිට මෙම පා ගමන පස්වරු 03.00 ට ආරම්භ කළ බවත්, එලෙස පැමිණෙමින් සිටියදී පොලිසිය පන්න පන්නා පහරදුන් බවත් හෙතෙම කීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment