සෑම පැයටම ශ්‍රී ලාංකිකයෝ  32 ක් රට රැකියාවලට යති

198

ඉන්දියාවට – ඔස්ටේ්‍රලියාවට මුහුදෙන් පනින පිරිසත් වැඩිවෙලා
 

 දවසේ සෑම පැයක් තුළම ශ්‍රී ලාංකිකයන් 32 දෙනකු විදේශ  රැකියා සොයා ගුවන්ගත වන බව වාර්තා වේ.

 මීට අමතරව ඉන්දියාවට සහ ඔස්ටේ්‍රලියාවට ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් රැකියා සොයා මුහුදු මාර්ගයෙන් පලායමින් සිටිති.

 ඉකුත් සිකුරාදා ඔස්ටේ්‍රලියානු දේශසීමා ආරක්‍ෂක හමුදාව විසින් ඔස්ටේ්‍රලියාවට ඇතුළු වීමට තැත්කළ නීති විරෝධී සංක්‍රමික ශ්‍රී ලාංකිකයන් 46 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

 මේ අනුව මේ වසරේ (2022) මැයි මස සිට මේ දක්වා නීති විරෝධි ලෙස ඔස්ටේ්‍රලියාවට ඇතුළුවීමට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිස 183 ක් බවට පත්වේ.

 දැනට රැකියා සොයා පිටරටවල්වලට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයෝ විශාල අවධානමකට මුහුණ දී සිටිති.

 එම රටවලදී සිදුවන ශාරීරික හිංසා, ශ්‍රමය සූරාකෑම, දිගුකාලයක් දවසේ වැඩ ගැනීම, මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම, අඩුවෙන් පඩි ගෙවීම හෝ වැටුප් සම්පූර්ණයෙන්ම නොගවා සිටීම සහ හදිසි මරණවලට මුහුණදීම මෙකී අවදානම් වෙයි.

 1978 වාර්තාවලට අනුව පෙනී යන්නේ ශ්‍රී ලාංකිකයන් වැඩිදෙනකු ඉදිකිරීම් ව්‍යාපෘතිවල සේවය කිරීම සඳහා විදේශ ගත වී ඇති බවය. 1986 වාර්තාවලට අනුව කාන්තාවන් විශාල පිරිසක් ගෘහ සේවිකාවන් ලෙස කටයුතු කිරීම සඳහා විදේශවලට යාමේ ප්‍රවණතාවයක් හටගෙන ඇත. වසර 2009 වනවිට ශ්‍රී ලංකාව මිනිස් ශ්‍රමය අපනයනය කරන රටක් බවට නිල වශයෙන්ම පිළිගනු ලැබීය. ඒ වසරේදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් නික්ම ගිය පිරිස 247000 කි.

 ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය ලැබෙන මාර්ගය වී ඇත්තේ විදේශවල සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ය.

 මේ අතර වසර 2021 වනවිට උසස් සුදුසුකම් ඇති ශ්‍රමිකයෝද ශ්‍රී ලංකාවෙන් නික්ම විදේශවලට යාමට පටන් ගත්හ. ඔවුන් අතරින් ඇතැමුන් ඉතියෝපියාව, සුඩානය, රුවන්ඩාව, කුර්දිස්ථානය, මොසැබික් වැනි සිවිල් යුද තත්ත්වයන් පවතින රටවල රැකියා සඳහා යාම පවා සිදුවිය.

 වසර 2020 දී ලොව පුරා හටගත් කොරෝනා වසංගතය හේතුවෙන් පිටරටවලදී මියගිය ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන් 114 දෙනෙක්ගේ අවසන් කටයුතු සඳහා රු.මිලියන 3.2 ක වියදමක් දැරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සිදුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment