ටිපර් රථය කොස්තාපල්වරියට මරු කැඳවයි

516


දඹුල්ල කුරුණෑගල මාර්ගයේ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශ්යේදී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පොලිස් කොස්තාපල්වරිය අද (11) මිය ගොස් ඇත.

යතුරු පැදියක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (10) මෙම අනතුර සිදුවී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පේදුරුතුඩුව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිට නිවාඩු පැමිණ සිටි දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ ඇතැබැදිවැව පදිංචි චන්දිමා ගිම්හානි දිල්රුක්ෂි විසි පස් හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල්වරියක බව ගලේවෙල පොලිසිය කියයි.

advertistmentadvertistment
advertistmentadvertistment