ඉම්රාන් ඛාන්ට ඇප

204


පකිස්ථානයේ රාජ්‍ය නායකයන්ට ලැබුණු විවිධ ත්‍යාග පිළිබඳ තොරතුරැ අනාවරණය කිරීමට අපොහොසත් වීමේ චෝදනාව මත වසර තුනක සිර දඬුවමකට ලක් කර සිටි හිටපු පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව එල්ල වූ චෝදනාව හා එම සිර දඬුවම අත් හිටුවීමට පකිස්ථානයේ ඉස්ලාමාබාද් මහාධිකරණය විසින් අද පියවර ගනු ලැබිය .අද රැස් වූ ඉස්ලාමාබාද් මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ල ඉම්රාන ඛාන්ට එරෙහිව පනවා තිබු තුන් අවුරුදු සිර දඬුවම අත් හිටුවමින් ඔහුව ඇප මත මුදා හරින ලෙස නියෝග කර තිබේ .

හැත්තෑ හැවිරිදි වියෙහි පසුවන පකිස්ථානයේ ”‍ටෙහ්රික් ඊ ඉන්සාෆ් ”‍පක්‍ෂයේ නායකයාද වන හිටපු අගමැති ඛාන් ඔහු අගමැති ධුරය දැරූ 2018-22 කාලසීමාව තුළදී විදේශීය රජයන්ගෙන් හා රාජ්‍ය නායකයන්ගෙන් ලැබී තිබු විවිධ ත්‍යාග පිළිබඳ තොරතුරු අනාවරණය කිරීමට අපොහොසත් වීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු කරමින් අධිකරණය ඉකුත් අගෝස්තු මස 05 වැනිදා ඔහුට වසර තුනක සිරදඬුවමක් පිරිනැමිය .

advertistmentadvertistment
advertistmentadvertistment