ට්‍රම්ප්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක්

302

තමාට ජනාධිපති මුක්තිය නොමැති බවට ඇමරිකානු අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව අත්හිටුවන ලෙස හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ජනාධිපති මුක්තිය නොමැති බවට අභියාචනාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව හිටපු ජනාධිපති ට්‍රම්ප්ට අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා අත්හිටුවන්නේද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමට නියමිතව ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ.

තමාට එරෙහිව පවතින මැතිවරණ මැදිහත් වීමේ නඩුවේදී ඇමරිකාවේ ජනාධිපතිවරයා වශයෙන් සිටියදී කළ ක්‍රියා සම්බන්ධයෙන් තමාට එරෙහිව නඩු පැවරිය නොහැකි බව ට්‍රම්ප් පවසා තිබූ අතර මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බව පහළ උසාවි විනිසුරුවරුන් තිදෙනෙකු පවසා තිබිණි. එසේ ට්‍රම්ප්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් එකඟ විය නොහැකි බව පවසා ඇති විනිසුරුවරුන් පවසනුයේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ට්‍රම්ප්ට එරෙහිව සෙසු ඇමරිකානු පුරවැසියන්ට මෙන්ම නඩු පැවරීමට හැකි විය යුතු බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment