කෝලිගේතැන ගත් දිමුත් ආසියාවේ පළමු තැනට

621

අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ජාත්‍යන්තර ටෙස්ට් කි‍්‍රකට් පිතිකරු ලැයිස්තුවේ පස්වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ශී‍්‍ර ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත්වී තිබේ. නිමාවට පත්වූ ඉන්දීය සංචාරයේදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් අදාළ ප‍්‍රසාද ලකුණු සටහනේ ඉහළට පැමිණීමට දිමුත්ට හැකියාව ලැබී තිබෙන අතර මේ වනවිට එම ලැයිස්තුවේ ඉහළින්ම සිටින ආසියානු පිතිකරුවා බවට ඔහු පත්ව තිබේ.

 මීට පෙර අයි.සී.සී. ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත ලැයිස්තුවේ 8 වැනි ස්ථානයේ පසු වූ දිමුත් ඉන්දීය සංචාරයෙන් අනතුරුව පියවර 3ක් ඉදිරියට පැමිණ තිබේ. එ් අනුව දිමුත්ට හිමි ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 781කි. කරුණු එසේ වෙද්දී මීට පෙර එම ලැයිස්තුවේ 5 වැනි සිටි ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි ස්ථාන 4ක් පහළට යමින් ශ්‍රේණිගත ලැයිස්තුවේ 9 වැනි ස්ථානයට පත්ව තිබීම කැපී පෙනේ.

 ඉන්දියාව සමගින් පැවති ටෙස්ට් තරග දෙකේදී ඉනිම් හතරකදී ශතකයක් සමගින් මුළු ලකුණු 166ක් වාර්තා කිරීමට දිමුත් කරුණාරත්න සමත් විය. පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීමට අසීරු චින්නස්වාමි තණතීරුවේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් මෙම දස්කම දැක්වීමට දිමුත් සමත්වීම කැපී පෙණුනි.

 නවතම අයි.සී.සී ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම අනුව එහි පළමු ස්ථානය ඔස්ටේ‍්‍රලියාවේ මාකස් ලබුස්චේන්ට හිමිව ඇත්තේ ප‍්‍රසාද ලකුණු 936ක් සමගින්. එහි දෙවැනි ස්ථානය එංගලන්තයේ ජෝ රූට් හට හිමිව ඇති අතර ප‍්‍රසාද ලකුණු 872කට හිමිකම් කීමට ඔහු සමත්ව සිටී. ප‍්‍රසාද ලකුණු 851ක් සමගින් ඔස්ටේ‍්‍රලියාවේ ස්ටීව් ස්මිත් ලැයිස්තුවේ තෙවැනි ස්ථානයේ පසුවේ. නවසීලන්ත නායක කේන් විලියම්සන් ප‍්‍රසාද ලකුණු 844ක් සමගින් ශ්‍රේණිගත ලැයිස්තුවේ සිව්වැනි ස්ථානයේ පසුවේ.

කෝලිගේතැන ගත් දිමුත් ආසියාවේ පළමු තැනට

advertistmentadvertistment
advertistmentadvertistment