උද්ධමනය වැඩිවෙයි

66

පසුගිය මාසවලදී දිගින් දිගටම අඩු වූ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය ඉකුත් ඔක්තෝබර් මාසයේදී සියයට 1.5 ක් දක්වා සුළු වශයෙන් වැඩි වී ඇත.

පසුගිය සැප්තැම්බර් මස උද්ධමනය සියයට 1.3ක් විය. මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය ඉකුත් සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට සෘණ 5.2 මට්ටමේම නොවෙනස්ව පවතින අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති සියයට 4.7 සිට ඉකුත් ඔක්තෝබර් මාසයේදී සියයට 4.9 ක් දක්වා සුළු වශයෙන් ද වැඩිවී ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඊයේ නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment