ගෘහ සේවිකාව ලංකාවට එද්දී ගුවන් යානයේදීම මියගිහින්

188

කටාර් රාජ්‍යයේ ගෘහ සේවිකාවක සිය සේවා කාලය නිමා කර ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී ගුවන්යානය තුළම මිය ගොස් සිටි බව කටුනායක ගුවන්තොටුපළ පොලිසියේ ප්‍රකාශකවරයෙකු පැවසීය.

ඇය මොරටුව, කොරළවැල්ල ප්‍රදේශයේ පදිංචි ගුරුගේ ප්‍රියංගිකා දිල්හානි ප්‍රනාන්දු නමැති 40 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

ඇය ඊයේ (23දා) අලුයම 01.17 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබූ අතර, එම ගුවන්යානය ශ්‍රී ලංකාව වෙත පැමිණෙමින් තිබිය දී මෙම මරණය සිදු වී තිබේ.

ඉන්පසුව මෙම මළසිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කර ඇති අතර මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන්තොටුපළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් පේත් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු සහ පොලිස් කොස්තාපල් (98085) මධුවන්ත යන මහත්වරු සිදු කරති.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment