සෝලා ගහපු අයට ලංවිම බිලියන 4ක හිඟ ගෙවයි

159

වහල මත සූර්ය පැනල ස්ථාපිත කර ඇති පාරිභෝගිකයන් වෙත මෙතෙක් ගෙවීමට නොහැකිව තිබූ බිලියන 4ක හිඟ මුදලක් ලංකා විදුලිබල මණ්ඩලය ගෙවීමට කටයුතු කළ බව එහි අතිරේක සාමාන්‍යාධිකාරී (ආයතනික ක්‍රමෝපාය) හේමන්ත කේ. රණසිංහ මහතා ‘දිවයින’ට ඊයේ (29 වැනිදා) සඳහන් කළේය.

ඒ අනුව 2023 අප්‍රේල් දක්වා ගෙවිය යුතු සියලුම හිඟ මුදල් මේ වන විට පියවා ඇති බව හෙතෙම කීවේය. පුද්ගලයන් හතළිස්පන් දහසකට මෙසේ මුදල් ගෙවා ඇත

ලංකා විදුලිබල මණ්ඩලය මුහුණ දුන් දැඩි මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් 2022 වසරේ දී රූෆ්ටොප් සෝලාර් පාරිභෝගිකයන් සඳහා වන ගෙවීම සම්පූර්ණයෙන් පියවීමට ලංවිමට නොහැකි වූ බවත් කෙසේ වෙතත් පසුගිය පෙබරවාරි 15 වැනිදා පිරිවැය පරාවර්තක තීරුබදු ක්‍රියාත්මක කිරීමත් සමග හිඟ මුදල් පියවීම ආරම්භ කිරීමට ලංවිම සමත් වූ බවත් රණසිංහ මහතා සඳහන් කළේය.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment