හොරණ හිටපු සභාපති නිවසට නිරුවත් ප්‍රහාරයක්

606


හොරණ නගර සභාවේ හිටපු සභාපති විතානගේ සිරිසෝම මහතාගේ නිවසට යකඩ පොල්ලක් රැගෙන බීමත්ව නිරුවතින් පැමිණි පුද්ගලයෙකු අලාභහානි සිදුකර තිබේ.

මෙම පහරදීම, ඊයේ (20දා) රාත්‍රී 07ට පමණ එය සිදුව ඇති අතර, පහරදීමෙන් හිටපු නගරාධිපතිවරයාගේ දියණියට හා නැගණියට සුළු තුවාල සිදුව ඇත.

මෙම පුද්ගලයා නිවසේ තිබු භාණ්ඩ කිහිපයකට හා ගේට්ටුව ද මෙන්ම නිවසේ සුරතලයට ඇති කරන සුනඛයාටද අමානුෂික ලෙස පහරදුන් බව නිවෙස් හිමියන් චෝදනා කර සිටී.

පහරදීමට පැමිණි පුද්ගලයාවෙ හිටපු නගරාධිපතිවරයා විසින් නගර සභාවේ රැකියාවකට යොදවා ඇති අතර, එහිදී ඇති වු සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙලෙස හැසිරෙන බවට තොරතුරු ලැබී ඇතග

කෙසේවෙතත් අදාළ පුද්ගලයා නිරුවතින් මාර්ගයේ හැසිරෙන අයුරු පුද්ගලයෙක් ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment