අද හොඳටම රස්නෙයි

120

වයඹ – ගම්පහ – කොළඹ- හම්බන්තොට – මොනරාගල තත්ත්වය වැඩියි

හොඳට වතුර බොන්න – කාලගුණය කියයි

පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක සිරුරට දැනෙන උෂ්ණත්වයක් අද (23දා) දිනයේ පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

එය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව ද එහි සඳහන්ය.

ඒ අනුව වයඹ පළාත සහ ගම්පහ, කොළඹ, හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවල අද දිනයේ උණුසුම් දර්ශකය ඉහළ අගයක් ගනු ඇති බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම තත්ත්වය මත ප්‍රමාණවත් තරම් ජලය පානය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල රැඳී සිටීම, වැඩිහිටියන් සහ රෝගීන් පුද්ගලයින් ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම, සුදු හෝ ලා පැහැති වර්ණයෙන් යුත් ඇඳුම් ඇඳීම සහ වෙහෙසකාරී කටයුතුවල යෙදීම අවම කිරීම ආදිය කෙරෙහි වැඩි අවධානයක් යොමුකරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දී සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment