සාර්ථක යුගදිවියකට සැමියාගෙන් බිරිඳට හිමි විය යුතු සම්පත් පහ

872

* ආදරය ඇයගේ රූ සපුවට පමණක් සීමා නොවිය යුතුය

 * ඇයට  මවකට මෙන් ගරුකළ යුතුය

 * සැමියාට පීතෘත්වය හිමිවන්නේ බිරිඳ මවක වූ විටදීය

 * ඇඳුම් පැළඳුම් ලබාදීමේදී එය සතිපතා මාස් පතා නොව වසරකට වරක් හෝ ලබාදිය යුතුය

 * බිරිඳ තුළ මානසික පීඩාව ඇති වීමට ඇති ඉඩකඩ දුරු කිරීමට සැමියා නිතර වෙහෙසිය යුතුය

 * යුගදිවියේ සාර්ථකත්වයට අඹුසැමියන් තුළ පැවැතිය යුතු ගුණාංග සම්බන්ධව සෘෂිනාඩි වෛද්‍යවරු පවසා ඇති තොරතුරු යටතේ මෙවර අපගේ අවධානය යොමු වන්නේ  සැමියා තුළ තිබිය යුතු ගුණාංග පිළිබඳව ය’


 වෛද්‍යතුමනි” යුගදිවියේ ප‍්‍රධානතම සාධකයක් වන්නේ සැමියා ය’ ඒ අනුව ඔහු තුළ තිබිය යුතු ගුණාංග සෘෂිනාඩි වෛද්‍යවරු සඳහන් කර ඇත්තේ කෙසේද?

 විවාහක පුරුෂයකුගෙන් තම බිරිඳට හිමි විය යුතු ප‍්‍රධාන සම්පත් පහක් දක්වා ඇත’ එහි පළමු සම්පත ලෙස දක්වා ඇත්තේ බිරිඳට අසීමිත ලෙස ආදරය කිරීමය’ දෙවැනි සම්පත් ලෙස සඳහන් කර ඇත්තේ ආහාර පාන ලබා දීමය’ තෙවැනි සම්පත වනුයේ ඇයට මවකට මෙන් ගරු කිරීම ය’ සිව් වැනි සම්පත වනුයේ වස්ත‍්‍රාභරණ ආදියෙන් සංග‍්‍රහ කිරීම ය’ පස්වැනි සම්පත වනුයේ ලෙඩ රෝග ආදියෙන් ආරක්‍ෂා කර ගැනීම ය’

 විවාහක සැමියකු විසින් මෙම සම්පත් පහ තම බිරිඳට නිසි ලෙස හිමිකර දෙනවා නම් එම යුගදිවිය සදාකල් ශක්තිමත්ව පවතින බව සෘෂිනාඩි වෛද්‍යවරු පවසා ඇත’

 අසීමිත ආදරය

 තම සහකාරිය ලෙස තෝරා ගන්නා යුවතියට සැමියා විසින් කිසිදු සැකයක් ඇති කර නොගෙන ආදරය කළ යුතුය’ එම ආදරය ඇයගේ රූ සපුවට පමණක් සීමා නොවිය යුතුය’ උගත්කම” ගතිගුණ ආදියට ද ආදරය කළ යුතුයි’ එනම් එම ගුණාංග ඇය හමුවේ අගය කළ යුතුය’

 ආහාර පාන

 යුගදිවියට පිවිසි පසු සැමියා බිරිඳ පෝෂණය කළ යුතුය’ එය ඔහු සතු වගකීමක් ලෙස මහා සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත’ මෙය පුරුෂාධිපත්‍යය ලෙස වරදවා වටහා නොගත යුතුය’ බිරිඳට ආහාර පාන ලබා ගැනීමට අන් අයගේ පිහිට යැදීමට ඉඩ නොතැබිය යුතුය’ එය සැමියාගේ  පෞරුෂයට අවමානයකි’

 මවකටමෙන් ගරු කිරීම

 සැමියාට පීතෘත්වය හිමිවන්නේ බිරිඳ මවක වූ විටදීය’ ඒනිසා තම බිරිඳට තම මවට සලකන අයුරින් ආදරය කරුණාව දැක්වීම රැකවරණය ලබාදීම කළ යුතුය’

 වස්ත‍්‍රාභරණ ලබාදීම

 සෑම යුවතියකම හැකි අයුරින් වස්ත‍්‍රාභරණයෙන් සැරසීමට ඇලූම් කරයි’ එය ස්ත‍්‍රී ගති ලක්‍ෂණයකි’ ඒනිසා ඇයගේ එම ආශාවන් ඉටු කිරීමට සැමියා පියවර ගත යුතුය’ එය රන් ආභරණම විය යුතු නැත’ තමුනට හැකි අයුරින් රුව සරසන ආභරණ ලබාදිය හැකිය’ ඇඳුම් පැළඳුම් ලබාදීමේදී එය සතිපතා මාස් පතා නොව වසරකට වරක් හෝ ලබාදිය යුතුය’

 ලෙඩ රෝග ආදියෙන් ආරක්‍ෂා කිරීම

 මහා සෘෂිනාඩි වෛද්‍යවරුන් පවසා ඇති ආකාරයට සෑම කාන්තාවක්ම පිරිමියාට වඩා නිතර ලෙඩ රෝගවලට ගොදුරු වේ’ මාසිකව සිදුවන ඔසප් වීම ද රෝග පීඩාවක් ලෙස මහා සෘෂිවරු සලකති’ ඒනිසා ඇයගේ එම ලෙඩ රෝගවලට ද ඖෂධ ප‍්‍රතිකාර ලබාදීම සහ වැළදෙන වෙනත් ලෙඩ රෝගවලට ප‍්‍රතිකාර ලබාදීම ද කළ යුතුය’

 බිරිඳ තුළ මානසික පීඩාව ඇති වීමට ඇති ඉඩකඩ දුරු කිරීමට සැමියා නිතර වෙහෙසිය යුතුය’ මන්දයත් මානසික පීඩාව ඇති වූ විට ඇය තුළ පවතින ලෙඩ රෝග උග‍්‍රවේ’ මෙලෙස බිරිඳට සැමියා නිසි සම්පත් ලබා දෙන්නේ නම් එවැනි යුගදිවියක ගැටුම් ඇති නොවන බවත් වාසනාවන්ත ගුණ යහපත් නැණ නුවණින් පිරි දරුසම්පත් ද හිමි වන බවත් මහා සෘෂි නාඩි වෛද්‍යවරු පවසා ඇත’

සාර්ථක යුගදිවියකට සැමියාගෙන් බිරිඳට හිමි විය යුතු සම්පත් පහ

සංස්කරණය – උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment