මෙරටින් වඳවී ඇතැයි සිතූ ශාකයක් හමුවේ

4976

ශ්‍රී ලංකාවට ආවේණික වඳ වී ගොස් ඇතැයි සැලකූ කෙතල (Lagenandra) ශාක විශේෂයක් බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයෙහි පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීමාවේ මෝල්කාව ප්‍රදේශය තුලින් සොයා ගැනීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබේ. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයකු සහ ශාක විශේෂ පිළිබඳ අධ්‍යනයෙහි නිරත පරිසර ගවේෂකයෙකු වන පේශල පසන් කරුණාරත්න මහතා විසින් 2022 වසරේ දී පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මෝල්කාව ප්‍රදේශය තුළ සිදු කල ගවේෂණයක දී මෙම ශාක විශේෂය සොයා ගැනීමට සමත්ව ඇත‍. එම සොයා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාවේ Lagenandra ශාක ගණයට අයත් ශාක විශේෂ පිළිබඳ පර්යේෂණ සිදු කරණ (වයඹ විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය) කණ්ඩායමේ සාමාජිකයෙකු සහ වයඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන ඉන්ද්‍රකීල මාදොල මහතා දැනුවත් කොට Lagenandra ශාක ගණයට අයත් ශාක විශේෂ වල ශාකාගාර නිදර්ශක, ජීවි ශාක නිදර්ශක සහ රූප විද්‍යාත්මක ලක්ෂණ පිළිබඳ අධ්‍යයනය කර සොයා ගත් මෙම ශාක විශේෂය වඳ වී ගොස් ඇතැයි සැලකූ ශාක විශේෂයක් බවට තහවුරු කර ගැනීමට සමත් වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment