ලාෆ් ගෑස් රජයට පවරාගන්නැයි වෑගපිටිය ජනපතිට කියයි

389

මිල වැඩි කළද තවමත් වෙළෙඳපොළේ තමන්ට මිලට ගැනීමට ලාෆ් ලෑස් නොමැති බවට ජනතාව මැසිවිලි නඟති.
මේ සම්බන්ධව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතාගෙන් කළ විමසීමේදී පැවසූවේ රට තුළ උද්ගතව ඇති ඩොලර් අර්බුදය නිසා ලෝක වෙළෙඳ පොළෙන් ගෑස් මිලදී ගැනීමට අදාලව බැංකු ණයවර ලිපි විවෘත කළද තමාට ඊට අදාලව ඩොලර් ලබා නොදෙන බවය.
එක් ගෑස් තොගයක් ගෙන්වීමට අවම වශයෙන් ඩොලර් මිලියන 10ක් පමණ ණයවර ලිපි සඳහා අවශ්‍ය බව ද පැවසු ඒ මහතා, ඩොලර් හිඟය දැඩි ලෙස මෙයට බලපා ඇතැයි පැවසීය.
එබැවින් තමාට ඩොලර් ලබානොදෙන්නේනම් ලාෆ් ගෑස් සමාගම රජයට පවරාගන්නා ලෙස තමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිඛිතව දැනුම්දී ඇතැයිද වෑගපිටිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment