STF වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

650

ඇඹිලිපිටිය පනාමුර වැලිකඩයායා ප්‍රදේශයේ දී පොලීස් විශේෂ කාර්ය බළකාය සිදුකළ වෙඩිතැබීමකින් සැකකරුවෙකු අද අලුයම මියගොස් තිබේ.වෙඩිතැබීම් රැසක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීම සඳහා අද අලුයම සිදුකළ මෙහෙයුමකදී ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩිතබා ඇත.එහිදී STF නිලධාරීන් සිදුකළ ප්‍රතිප්‍රහාර හමුවේ මෙම සැකකරුට වෙඩිවැදී ඇති බව පොලීසිය පවසයි.මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි පුද්ගලයෙකි.ඔහු හිටපු හමුදා සෙබළෙක් බව පොලීසිය පවසයි.සැකකරු පසුගියදා මිනුවන්ගොඩ බැස්ටියන් මාවත ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමට සහ අම්බලන්ගොඩදී නියෝජ්‍ය විදුහල්පතිවරයෙකුට සිදුකළ වෙඩිතැබීමට සම්බන්ධ සැකකරුවෙකු බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment