ගැලනිගම අන්තර් හුවමාරු කාර්යාලයේ රුපියල් ලක්ෂ 14ක් අතුරුදන්

147

මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ගයට අයත් ගැලනිගම අන්තර් හුවමාරු කාර්යාලයේ අයකැමි අංශයේ සේප්පු දෙකක තිබූ රුපියල් 14 ලක්ෂයකට අධික මුදලක් අස්ථානගත වී ඇතැයි පැමිණිල්ලක් බණ්ඩාරගම පොලීසියට ලැබී ඇත.

එම මුදල් භාරව කටයුතු කළ ප‍්‍රධාන මුදල් අයකැමි වරයෙක්ද ඒ සමග අතුරුදන්ව ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

ඊයේ (11) සේවාමුරය භාරව පැමිණි ප‍්‍රධාන මුදල් අයකැමි වරයෙක් සිදු කළ මුදල් ගණනය කිරීමේදී රුපියල් 14 ලක්ෂ 18,000 ක මුදලක් අඩු බවට අනාවරණය වීමෙන් අනතුරුව අදාළ බලධාරීන්ට සිදු කළ දැනුම්දීමක් අනුව එම බලධාරීන්ගේ උපදෙස් මත ප‍්‍රධාන ඉංජිනේරුවරියක් විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment