තෙල් සංස්ථාවට හා බලශක්ති නිශ්පාදකයන්ට බිලියන 217ක් ණයයි

99

ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම වර්ෂයේ (2023) අප්‍රේල් මස අවසන් වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් වෙත රුපියල් බිලියන 216.92ක ණය මුදලක් ගෙවීමට ඇති බැව් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

විදුලිබල මණ්ඩලය විසින් පුනර්ජනනීය බලශක්ති අංශයේ ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් විසින් නිෂ්පාදනය කරනු ලැබූ විදුලිය සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් ඔවුන් දැඩි මූල්‍ය දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බව ද මෙකී වාර්තාව මගින් පෙන්වා දී ඇත. විදුලිබල මණ්ඩලය විසින් මෙම වර්ෂයේ අප්‍රේල් මස අවසන් වන විට නොගෙවා ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 239.8කි.

විදුලි බිල වැඩි කළ ද ප්‍රමාද වූ ගාස්තු වැඩි වීම, උත්පාදන පිරිවැයේ සැලකිය යුතු වැඩි වීම, සම්පූර්ණයෙන් ආවරණය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම වර්ෂයේ මුල් මාස හතරේ දී විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 29,797ක මෙහෙයුම් අලාභයක් වාර්තා කර ඇති බව ද මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවේ සඳහන් වෙයි.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment