උදෑසන දුම්රියක් පීලි පැන මුහුදුබඩ රේල්ලුව කොට උඩ

29

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මහ ලේකම් කාර්යාලය උප දුම්රිය ස්ථානය සහ කොළඹ කොටුව දුම්රිය ස්ථාන අතර ඊයේ (14 දා) උදෑසන දුම්රියක් පිලී පැනීමකට ලක් වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ඉහළ හා පහළ මාර්ග දෙකම අවහිර විය.

මේ හේතුවෙන් උදෑසන මාතර සිට පැමිණි රුහුණු කුමාරී ශීඝ්‍රගාමී දුම්රිය මහ ලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ නවතා ඇති අතර, එම දුම්රිය සවස 2.30 ට ගාලු කුමාරී දුම්රිය ලෙසින් මහ ලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයෙන් ආපසු මාතර බලා ගමන් ආරම්භ කර ඇත.

මොරටුව සිට මරදාන දක්වා ධාවනය වූ මන්දගාමී දුම්රිය මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම ආසන්නයේ දී පීලි පැනීමකට ලක් වීම හේතුවෙන් මෙලෙස මුහුදුබඩ මාර්ගය අවහිර විය.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment