ඉන්න සිටින්නට හොඳ නැති නිවාස වර්ග

791

විශ්වයේ පංච සංස්කරණයන්ගෙන් නිර්මාණය වුණ මනුෂ්‍ය ස්වභාව ධර්මයේ තවත් එක් නිමැවුමක් පමණි. විශ්වයට, සොබාදහමට පිටුපා ජීවිතය ගෙන යෑමට කිසිම මනුෂ්‍ය ජීවියකුට නොහැක. මනුෂ්‍යයා විසින් ගෙයක් තැනීම, ගඩොල්, සිමෙන්ති, වැලි, දැව ආදිය යොදා ගනිමින් කරන්නාවූ ඉදිකිරීමක් වුවද එය ඉදිවන්නේ මහ පොළොව මතයි. මහ පොළවෙහි හිමිකාරිත්වය සාදාකාලිකවම විශ්වයට පමණි. විශ්වයේ අයිතියට පවතින පොළොව තලය මත අප ඉදිකරන නිවස අපට පවතින්නේ නාමික අයිතියක් පමණි. නිවසක් යනු විශ්වයේ ශක්තීන් උරාගන්නා, ගබඩාකර ගන්නා ශක්ති කළමනාකරණය කරන ජීවියකු ලෙසින් වාස්තු විiාවේ හඳුන්වයි. නිවසකට කථා කිරීමට, තීරණ ගැනීමට හැකියාවක් නොමැත. නමුත් නිවසකට සිනාසෙන්න, හඬන්න පනිවිඩ ලබාදෙන්න හැකියාව පවතී. එය සිදුවන්නේ නිවස විශ්වයේ කොටස්කරුවෙකු වන හෙයිනි. යම් නිවසක ඉදිකිරීම් විශ්වයට අනුකූල නොවන සෑමවිටම විශ්වය මගින් නිවැසියන්ට නොයෙක් පණිවුඩ, පියවි ඇසින් මෙන්ම මනසින් ලබාදේ. එසේ කියන්නේ මේ ඔබ ඉන්නා නිවාස විශ්වයේ ශක්තීන්ට අනුකූල නොවන බවත්, ඒ ඒ දිශාවන්ගෙන් ලැබෙන්නාවූ ශක්තීන් විපරිතව පවතින බවත්ය. වාස්තු විද්‍යාත්මක නොවන නිවසක එම නිවසේ ගෘහ අංශවල ඌනතා දුර්වලවීම්, ශක්තීන්ගේ විපර්යාස වාස්තු දෝෂ වශයෙන් ඔබගේ ජීවිතවලට බලපෑම් ඇති කරයි. එසේ බලපෑම් සිදුකරන්නේ එය නිවැරැදි කර ගැනීමට විශ්වයේ දෙන අවවාද ලෙසිනි. වාස්තු විද්‍යාවේ නිවාස සම්බන්ධයෙන් දැක්වීමේදී එම නිවෙස්වල පවතින දිගංපළල, දොර ජනෙල් ගෘහ අංක අඩු වැඩිවීම් පහළ ඉදිකිරීම් ඇතුළු කරුණු නිසා නිවෙස්වලින් නිවැසියන්ට කරදර, පීඩා විපත් ලැබේ. එවැනි නිවාස මොනවද යන්නත් එවැනි නිවාසවල පදිංචි වීමෙන් ලැබෙන්නා වූ අශුභ මොනවාද යන්නන් මේ ලිපියෙන් පැහැදිලි කරමි.

දෝෂ ඇතිවන නිවාස වර්ග

  1. අන්ධක නිවස

මනුෂ්‍ය ශරීරයේ පැවැත්ම, ආලෝකය, වාතය, ජලය වගේම නිවසක පැවැත්මට ආලෝකය, පිරිසිදු වාතය ගලාඒමටත්, පිටවීමටත්, ජනෙල් දොරවල් අවශ්‍ය වේ. බොහෝ නිවෙස්වල උතුර – නැගෙනහිර ජැනෙල් දොරවල් නොමැති වීම නැගෙනහිර දිශාව අන්ධ බිත්තිවලට දැමීම නිසා එම නිවස අඳුරු වේ. මෙවැනි නිවාස අන්ධ නිවාස වශයෙන් වාස්තු විද්‍යාවේ හඳුන්වයි. මෙවැනි නිවාසවල වෙසෙන්නන් නිතරම ලෙඩ රෝගවලට භාජනය වේ.

  1. කුටිල නිවාස

වාස්තු විiාවට අනුව නිවසක දිග පළල අතර වෙනස අඩි 5’.5” කට වැඩි විය යුතුයි. සමහර නිවාස පරීක්‍ෂාවලදී නිවසේ දිගංපළල සමාන වූ අවස්ථා මෙන්ම වෙනස අඩි 01ක් පමණ වූ නිවාස ද දැක ඇත්තෙමි. මෙවැනි නිවාස වල ජීවත්වන්නන්ගේ ජීවිත මලානික වේ. එකතැනම පල්වේ. සතුට නොරැඳේ. ජීවිතය පවා එපා වන තත්ත්වයන් ඇති වේ. බොහෝ නිවැසියන් සිය දිවි නසා ගැනීමට පවා පෙළඹෙන්නේ මෙවැනි නිවාස නිසාය.

  1. මුරජ නිවාස

සමහර නිවාසවල දෙපැත්ත උස්ව මැද පහත්ව සිටින සේ ඉදිකරයි. එය අලංකාරයකට සිතුවාද එයින් බොහෝ වාස්තු දෝෂ පැන නගී. මෙවැනි නිවාස මුරජ නිවාස වන අතර එම නිවෙස්වල පදිංචිකරුවන්ට කොතරම් උත්සාහ කළ ද ආර්ථික වශයෙන් නැගී සිටීම ඉතාම අපහසුය. දිනෙන් දින පරිහානියට පත්වේ. දිලින්දන් බවට පත්වේ. දරු සම්පත් පවා හීනවන ලක්ෂණයකි.

  1. කෙංකර නිවාස

ගෘහ නිර්මාණ සැලසුම් කිරීමේදී වාස්තු විiාව කෙරෙහි සැලකිල්ලක් නොදැක්වීම සමහරවිට එම සැලසුම් ශිල්පියා වාස්තු සම්බන්ධයෙන් නොදෙන්නෙකු විය හැකිය. ඔවුන් සෑමවිටම උත්සාහ කරන්නේ තම සේවා දායකයාගේ ඇස පිනවීමයි. සමහර නිවාසවල ගෘහ අංග සිතා ගැනීමටවත් නොහැකි දෑ නිර්මාණය වේ. එනම් යම් නිවසක් නගුලක් ආකාරයෙන් නිමව ඇත්නම් එවැනි නිවසක් කෙංකර නිවසක් වේ. මෙවැනි ආකාරයක නිවසක පදිංචි වන ස්ත්‍රීන්හට නොයෙක් හානි විපත්, කරදරවලට මුහුණ දීමටත් ආර්ථික වශයෙන් දිළිඳුතාවයට පත්වීමටත් වැඩි ඉඩ කඩ තිබේ.

  1. සංඛපාල නිවාස

ගෘහ අංග හීනවීම් ඇතිවීම නිසා ඇතිවන පීඩාවන් මේ මගින් සිදුවේ. කනු වැරැන්ඩා යෙදීම, නිවසේ දිශාවන් හීනවන ලෙස කාමර ඉදිවීම, මේ තත්ත්වය නිසා නිවසට විශ්ව ශක්තිය ගලනය වීම දුරුවලවීමෙන් කාමර ආදිය, අඩුවීම නිවාසියන්ට නිවස ඉඩ මදවීමත් ඇති වේ. ධන හානි, ලෙඩ රෝග, අනතුරු විපත් ආදියටත් නිවසේ සමගිය, අඹුසැමි සබඳතාවලට, බාධාත් පැමිණේ.

  1. කංත නිවාස

නිවසක එක පැත්තක් විශාල ලෙස අඩුවීමක් පෙනේ නම්, හීනව ඇත්නම් එම නිවස කංත නිවසකි. මෙවැනි නිවාස වල නිවැසියන්ට බොහෝ දේ අහිමි වේ. දිළිදු තත්ත්වයට ඇද වැටේ. දරුවන්ට නිතරම පරාජය අහිමිවීම් උරුම වේ. කිසිම කාර්යක් සාර්ථකව ඉෂ්ට කර ගැනීමට නොහැකි වේ. තමන් අදහන ආගමික ශාස්තෘන් ගෙන්වන්, දෙවිවරුන්ගෙන් වත් කිසිවක් නොලැබේ.

  1. කාණ නිවාස

සමහර නිවාසවල ජනෙල්, වාතාශ්‍රය ගමන් කිරීමට දමන කවුළු ආදිය නොමැතිවීම, ඉතා අඩුවීම නිසා නිවස තුළට අලෝකය නොපැමිණීම නිසා නිවාස අභ්‍යන්තරය අඳුරු වේ. මෙවැනි නිවාසවල වෙසන අයට අන්ධක දෝෂය හට ගනී.

  1. කුබිජ නිවාස

නිවසක්, නිවසක් වීමට නම් එම නිවසට අවශ්‍ය ප්‍රධාන අංගයන් වන කාමර, කුස්සිය, සාලය පැවැතිය යුතුය. එසේ නොවීමෙන් බොහෝ පීඩාවන්ට නිවැසියන්ට මුහුණදීමට සිදු වේ. නිවසේ පිළිවෙළ, පිරිසිදු බව නොමැති වේ. බඩු භාණ්ඩ නිවස පුරා සීසීකඩ වේ. එවැනි නිවාස කුබිජ නිවාස වන අතර මෙහි වෙසෙන අයට හිස ආශ්‍රිත රෝග, මානසික පීඩා, කුෂ්ට රෝග, වැළඳේ. දියුණුව අඩු වේ.

  1. බධිර නිවාස

සමහර භූමිවල පිහිටි නිවාසවල ද භූමිවලද පොළොවේ සිදුරු, ගුල් පැවතීම, බධිර නිවසක ලක්ෂණ වේ. එම නිවැසියන්ට සර්ප ආදි විෂ සතුන්ගෙන් හානි ඇතිවෙන අතර, එහි ජීවත්වන අයට දුක්ඛිත ජීවිත ගත කිරීමටත්, විපත් පැමිණීමටත් හදිසි මරණ ද අතිවෙන බවත් වාස්තු විද්‍යාවේ සඳහන්ය.

  1. දික්වක්ත්‍ර නිවාසය

බොහෝ නිවාසවල ජනෙල් බිම සිට ඉතා උසින් විශාල ප්‍රමාණයක් තබා ඇත. මෙම නිවාස දික්වක්ත්‍ර නිවාස වන අතර ඇතුළත වැඩි ආලෝකයක් ඇති වේ. නිතර දූවිලි අපද්‍රව්‍ය නිවස තුළට ඇදී එයි. සතුන් සිව්පාවන් ඇදී ඒ. ආරක්ෂාවද ප්‍රායෝගිකව බලන විට මද වේ. හිරු රශ්මිය අධික වශයෙන් පැමිණීමෙන් උණුසුම් වේ. මෙවැනි නවාසවල පදිංචි ස්ත්‍රීන්ගේ දරු ගැබ විනාශ වේ. ගබ්සාවන්ට ලක් වේ. ධන හානි වේ.

  1. ව්‍යංගජ නිවාස

වාස්තු විද්‍යාවේ සඳහන් අන්දමට නිවසක් අලංකාරයට, පිළිවෙළට, පිරිසිදුව, නෙතට ප්‍රිය දසුනක් ලෙසින් පැවතිය යුතුය. එසේ නොමැතිව අපිළිවළට කිසි අලංකාරයක් නොමැතිව, ආවාට ගියාට ඉදිකර එම නිවස දකින්නන්ට ප්‍රියතාවයක් නොමැතිව පවතී නම් එය ව්‍යාංගජ නිවසකි. මෙවැනි නිවාස වල නිවැසියන් නිතර අගහිඟකම්වලින් පෙළේ. ආර්ථික දුෂ්කරතා පවතී. සමාජයේ පිළිගැන්මක් නොමැත. කොන් වූ ස්වභාවයක් පවතී. නිවැසියන්ද ප්‍රියමනාප චරිත නොවනු ඇත.

  1. චිපිට නිවාස

නිවසක් උසින් අඩුවීම ශුභ නොවේ. එවැනි නිවාස චිපිට නිවාස යැයි හඳුන්වන අතර මෙවැනි නිවාසවල ජීවත්වන අයගේ ජීවිත පහත්භාවයට ඇද වැටේ. ගැරහුම්වලට ලක් වේ. මානසික ගැටලු, පීඩාවන් ඇති වේ. අලස වේ.

  1. එතට නිවාසය

වාස්තු විiාත්මකව නිවසක් ඉදිකිරීමට නම් එම නිවසේ දිසාවන් එනම් කාමර, මුළුතැන්ගෙය, නාන කාමර, සාලය, නිදන කාමර, විශ්වයේ ආපෝ, තේජෝ වායෝ ආකාෂ යන පංච ශක්තීන්ට අනුකූල ලෙසින් විශ්වයට අවනතව ඉදිකළ යුතුමයි. එසේ නොමැතිව දිශාවන්ට විපරිත වන ලෙසින් නිවාස ඉදිකිරීම එතට නිවසක් වන්නේය. මෙවැනි නිවාසවල පදිංචිවීමෙන් ධනය, නිරෝගීකම පිරිහේ. මනුෂ්‍ය ශරීරයේ පවතින ශක්ති ශරීරය හෙවත් ඕරාව සෘණ ශක්තීන්ගේ ආරෝපණයෙන් තුනී වේ. දුර්වල වේ. පලුදු වේ. ඉන්පසු අපල කාලය උදා වේ. නොයෙක් බාධා, පීඩා, රෝගී තත්ත්වයන්, අමනුෂ්‍ය දෝෂ ළඟා වේ. අනාගත පරපුර යාවත්කාලීන නොවේ. සියල්ල දෝෂ වේ. මෙවැනි නිවසක දැනටමත් ඔබ පදිංචිකරුකු නම් දැන් මේ සම්බන්ධයෙන් ඔබටම වැටහීමක් දැනේ. එසේ නම් එවැනි නිවාස හඳුනාගෙන නිවාසය කඩා බිඳ දැමීමට නොව පවතින අඩුපාඩු හඳුනාගෙන නිවැරැදි ප්‍රතිකර්ම සිදුකර ගැනීමෙන් ඔබගේ නිවස සෞභාග්‍යමත් නිවසක් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ඉන්න සිටින්නට හොඳ නැති නිවාස වර්ග

දේශබන්ධු, දේශමාන්‍ය, විශ්වශක්ති
වාස්තු විද්‍යා විශාරද,
ඩබ්. කේ. ඒ. එම්. චන්ද්‍රසිරි,
සෙන්දිරියාමුල්ල – සඳලංකාව.
0777856649.

advertistmentadvertistment
advertistmentadvertistment