දෙහිඅත්තකණ්ඩිය පොලිසියෙන් රජයට කෝටි එකහමාරකට වැඩි මුදලක්

42

දෙහිඅත්තකණ්ඩිය පොලිසිය මගින් 2023 වර්ෂයේ එක්කෝටි හැට එක්ලක්ෂ හැට නවදහස් පන්සියයක දඩ මුදලක් රජයට අය කර දී ඇත,

දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගයාන් බුද්ධික සහ රථවාහන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නවරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත රථවාහන අංශ පොලිස් නිලධාරීන් විසින් අපරීක්ෂාකාරි ධාවනය, මාර්ග නිතී උල්ලංඝනය කිරීම්, හිස් වැසුම් (හෙල්මට්) නොපැළැඳීම, මාර්ග රිය අනතුරු දඩ සහ නඩු යන කාරණා මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත් පොලිස් සැරයන්වරුන් වන (10251) ප්‍රේමරත්න, (38826) රත්නායක, (39748) සනත් පො.කො. (77532) රත්නායක පො.කො. (79127) සඳරුවන් කාන්තා පොලිස් නිලධාරිනියන් වන (3258) චන්ද්‍රා සහ (8845) කුමාරි යන මහත්ම මහත්මීන් මෙම දඩ මුදල් අය කිරීම හා අනතුරු අඩු කිරීමට දායක වූහ.

දෙහිඅත්තකණ්ඩිය – රණතුංග

advertistmentadvertistment
advertistmentadvertistment