ආයුර්වේද පනතට දුන් තීන්දුව කථානායකට

144


ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කර ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කථානායකවරයා වෙත දැනුම් දෙන බවට නියෝගයක් ලබාදී ඇත.

අදාළ පෙත්සම් දින 03ක් පුරා එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරුණි.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් දේශීය වෛද්‍යවරුන් මෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන් විසින් පෙත්සම් 08ක් ඉදිරිපත් කෙරිණ.

advertistmentadvertistment
advertistmentadvertistment