ස්ටෝක්ස් යළි එක්දින පිලට

122

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් නැවතත් එක්දින ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට එකඟතාවය පළ කර ඇත.

පසුගිය වසරේ ජූලි මාසයේදී එක්දින තරගවලින් සමුගත් ස්ටෝක්ස් මීට දින කීපයකට පෙර එම තීරණය වෙනස් කරමින් මෙසේ නැවත ජගත් එක්දින ක්‍රිකට් පිටියට එක්වීමට නියමිතව සිටී. ඒ අනුව මෙම වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය වෙනුවෙන් නම් කළ මූලික සංචිතයට ස්ටෝක්ස් කැඳවීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීහු තීරණය කළහ. එංගලන්තය වත්මන් එක්දින ලෝක ශූරයන් වන අතර එම අවසන් මහා තරගයේ වීරයා වූයේද බෙන් ස්ටොක්ස්ස් ය. ඔහු එක් දින තරග 105 කට ක්‍රීඩා කර ලකුණු 2924 ක් සහ කඩුලු 74 ක් දවාගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment