ස්පාඤ්ඤය සහ එංගලන්තය කාන්තා පාපන්දු අවසන් සටනට

111

කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා (20 වැනිදා) ස්පාඤ්ඤය සහ එංගලන්තය අතර පැවැත්වේ.

මෙම කණ්ඩායම් දෙකම මීට පෙර අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා නොමැති අතර පළමු අවසන් පූර්ව තරගයේදී ස්වීඩනය පරාජය කරමින් ස්පාඤ්ඤය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීය.

ඊයේ සවස ඔස්ටේ්‍රලියාව සමග පැවති දෙවැනි අවසන් පූර්ව තරඟය සඳහා ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම එම තරගය 3-1 ක් ලෙස ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

ඔස්ටේ්‍රලියාව සහ නවසීලන්තය සම සත්කාරකත්වයෙන් පැවති මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 32 ක් තරග වැදුණි.

advertistmentadvertistment
advertistmentadvertistment