බීඩි කොළ සමග සිව් දෙනෙකු නාවික හමුදා භාරයට

340

ශ්‍රී ලංකා නාවික හමුදාව, කල්පිටිය කළපුවේ මට්ටතිව් දූපතට අසල මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම කලපුව ඔස්සේ නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස් එකක (551) පමණ තොගයක් (තෙත බර සහිත) රැගත් ඩිංගි යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) නාවික හමුදා භාරයට ගෙන ඇත. වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් කල්පිටිය කළපුවේ මට්ටතිව් දූපත අසල මුහුදු ප්‍රදේශයේදී ඊයේ (11 වැනිදා) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්ෂණය කර පරීක්ෂාවට ලක්කෙරිණි. එහිදී, එම ඩිංගි යාත්‍රා දෙක (02) තුළ තිබී උර විසි එකක (21) අසුරන ලද නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් පන්සිය පනස් එකක (551) පමණ තොගයක් (තෙත බර සහිත) සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04) සහ එම ඩිංගි යාත්‍රා දෙක (02) මෙලෙස නාවික හමුදා භාරයට ගැනිණි. මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 17 ත් 27 ත් අතර වයසේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත. එම සැකකරුවන් සිව් දෙනා (04), ඩිංගි යාත්‍රා දෙක (02) සහ බීඩි කොළ පන්සිය පනස් එකක (551) පමණ තොගය (තෙත බර සහිත) ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇත.

බීඩි කොළ සමග සිව් දෙනෙකු නාවික හමුදා භාරයට
advertistmentadvertistment
advertistmentadvertistment