ඉන්දු ශ්‍රී ලංකා මගී යාත්‍රා සේවය අද සිට

527

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මඟී යාත්‍රා සේවය අද සිට ආරම්භ වේ.එහි පළමු මඟී යාත්‍රාව ඉන්දියවේ සිට අද (14) පෙරවරුවේ මෙරටට ළඟා වීමට නියමිත බව වාරය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.දකුණු ඉන්දියාවේ නාගපට්නම් සහ මෙරට කන්කසන්තුරය වරාය අතර මෙම මඟී යාත්‍රා සේවය සිදු කෙරෙන බව සඳහන්ය.නාගපට්නම් සිට මඟීන් පනස් දෙනෙකු ගෙන් යුත් යාත්‍රාව අද පෙරවරු 11.30ට පමණ කන්කසන්තුරය වරාය වෙත ළඟා වීමට නියමිත බව එම අමාත්‍යාංශය පවසයි.ඉන්දීය නැව් සංස්ථාව මඟින් මෙම මඟී යාත්‍රා සේවයේ මෙහෙයුම් කටයුතු සිදු කරන අතර, ආගමන විගමන කටයුතු සඳහා කන්කසන්තුරය වරාය පරිශ්‍රයේ නව මඟී පර්යන්තයක් ද ඉදිකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment