ප්‍රසංග සදහා අය කරන ගාස්තු සංශෝධනයක්

353

මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කෙරෙන ඕනෑම විදේශීය හා දේශීය චිත්‍රපට, වේදිකා නාට්‍ය, සංගීත හා ප්‍රාසාංගික සංදර්ශන සඳහා අය කරන ගාස්තු සංශෝධනය කර තිබේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව විදේශීය චිත්‍රපට ප්‍රදර්ශනය සහ පූර්ව ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් 40,000කි ද දේශීය චිත්‍රපට ප්‍රදර්ශනය සහ පූර්ව ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් 15,000ක් ද පූර්ව ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් 1500ක් ද සීමිත ප්‍රදර්ශන සදහා රුපියල් 1500ක් ද අය කරනු ලබයි. ඉහත ප්‍රදර්ශන කටයුතු සහ සමීක්ෂණ කටයුතු සඳහා සිනමා ශාලා පහසුකම් සදහා රුපියල් 37,500කි ද අය කරනු ලබයි.දීර්ඝ වේදිකා නාට්‍ය සදහා රුපියල් 1500ක් ද කෙටි නාට්‍ය සදහා රුපියල් 750ක් ද අය කරනු ලබයි.දේශීය කලාකරුවන් සහභාගී වන එළිමහන් සංගීත ප්‍රසංග සදහා රුපියල් 3750ක් ද ශාලාවක පවත් වන විට රුපියල් 3000 ක් ද අය කරනු ලබයි.විදේශීය කලාකරුවන් සහභාගී වන එළිමහන් සංගීත ප්‍රසංග සදහා රුපියල් 37,500ක් ද ශාලාවක පවත් වන ප්‍රසංග සදහා රුපියල් 22,500ක් ද අය කරනු ලබයි. රූපවාහිනි නාලිකා මගින් සෘජුවම සංවිධානය කරන එළිමහන් සංගීත ප්‍රසංග සදහා රුපියල් 37,500ක් ද පෙර පාසල් ප්‍රසංගය සඳහා රුපියල් 2000ක් ද අය කරනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment