තංගමලේ රක්ෂිත පරිසරය විනාශවීමේ අවදානමක

30

මග දෙපස සංචාරකයන්ගේ කැළිකසළ – පරිසර හිතකාමීහු චෝදනා නඟති

සුප්‍රසිද්ධ හපුතලේ ඇඩිසන් බංගලාව පිහිටි තංගමලේ රක්ෂිත පරිසරය විනාශ වීමේ අවදානමකට පත්ව ඇතැයි එහි පැමිණෙන පරිසරයට ආදරය කරන පිරිස පවසති.

විශේෂයෙන්ම ඇඩිසන් බංගලාව වෙත යෑම සඳහා තංගමලේ රක්ෂිතය මැදින් වැටී ඇති මාර්ගය දෙපස මේ දිනවල කැළිකසළ ගොඩ ගැසීමට සංචාරකයින් පුරුදු වීම හේතුවෙන් රක්ෂිතය දූෂණයට ලක්ව ඇතැයි ද ඔවුහු පවසති. ඇඩිසන් බංගලාව බැලීමට පැමිණෙන සංචාරක පිරිස් ඔවුන් රැගෙන එන පොලිතින්, ලන්ච් ෂීට් සහ ප්ලාස්ටික් බඳුන් ඇතුළු නොදිරන අපද්‍රව්‍ය රැසක් මේ වන විට රක්ෂිතයට එක් කර තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති. මේ තත්ත්වය මත රක්ෂිතය අපවිත්‍ර වනවා පමණක් නොව එහි සිටින වන සතුන්ට ද එම අපද්‍රව්‍යවලින් හානි සිදුවීමට ඉඩ ඇතැයි ඔවුහු පවසති.

මෙම තත්ත්වයට කඩිනම් විසඳුමක් ලබා නොදුනහොත් රක්ෂිතය දැඩි ලෙස විනාශ වීමේ අවදානමකට ලක් විය හැකි බවට ඔවුහු මැසිවිලි නඟති.

කන්දකැටිය – ජී. චතුරංග

advertistmentadvertistment
advertistmentadvertistment