රඹුක්කන පොලිස් වෙඩි ප්‍රහාරයෙන් වින්දිත වූවන්ට සාධාරණය ඉල්ලති

44

මෙයට වසරකට පමණ පෙර රඹුක්කන නගරයේ පැවැති උද්ඝෝෂණයකදී පොලිස් වෙඩි තැබීමකින් මිය ගියේ යැයි කියන පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු වී නැතැයි චෝදනා කරමින් ඊයේ (19) රඹුක්කන නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්විනි.

මෙසේ මිය ගිය චමින්ද ලක්ෂාන් නමැති අයගේ බිරිඳ සහ පොලිස් වෙඩි තැබීම්වලින් ආබාධිත තත්ත්වයට පත් පවුල්වල ඥාතීන් 13 දෙනකු පමණ මෙම උද්ඝෝෂණයට එක්ව සිටි අතර එහිදී ඔවුන් පවසා සිටියේ මිය ගිය අයට සහ ආබාධිත වූ අයට සාධාරණ පරීක්ෂණයකින් අනතුරුව වන්දි ලබා දිය යුතු බවයි.
කෑගල්ල – එම්.බී. පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment