අසනීපවූ ධීවරයෙකු ගොඩබිමට ගෙන එයි

89

ගාල්ල ධීවර වරායේ සිට නාවික සැතපුම් එකසිය පහළොවක් පමණ දුරින් ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් දැඩි ලෙස අසනීපවූ ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට දක්ෂිණ නාවික හමුදා කදවුරේ නිලධාරීන් අද (21) උදෑසන පියවර ගන්නා ලදී.

පසුගිය පෙබරවාරි 8 වන දින ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති රාජා 01 නැමැති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු මෙසේ රෝගී තත්ත්වයෙන් පසුවන බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නාවික හමුදා මූලස්ථානය වෙත කරන ලද දැනුම්දීමක් අනුව මෙම ධීවරයා බේරා ගැනීම සිදුවිය.
අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයා ගොඩබිමට රැගෙන එන ලද්දේ දකුණු නාවික පෙදෙස භාර ආඥාපති රියර් අද්මිරල් සජිත් ගමගේ මහතාගේ උපදෙස් අනුව නාවික හමුදාවට අයත් පී 485 නමැති වේග ප්‍රහාරක යාත්‍රාව මගිනි. ගොඩබිමට රැගෙනආ ධීවරයා ප්‍රතිකාර සඳහා වහාම කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යැවීමට පියවර ගන්නා ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment