ආයෙත් කැබිනට් සංශෝධනයක්

348

සී. බී. රත්නායක 

අමාත්‍යාංශ සංශෝධනය යටතේ කැබිනට් අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් ඊයේ (04දා) දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. සිය ධූරයෙන් ඉල්ලා අස් වූ අරුන්දික ප‍්‍රනාන්දු මහතා නැවතත් රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම්දීම ද මෙහිදී සිදුවිය. ඒ අනුව සී. බී. රත්නායක මහතා වනජීවී හා වන සම්පත් සංරක්‍ෂණ කැබිනට් ඇමැතිවරයා ලෙසත්, දිලූම් අමුණුගම මහතා ප‍්‍රවාහන කැබිනට් ඇමැතිවරයා ලෙසත් දිවුරුම් දුන්හ. විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ආයෙත් කැබිනට් සංශෝධනයක්
විමලවීර
ආයෙත් කැබිනට් සංශෝධනයක්
දිලූම්
ආයෙත් කැබිනට් සංශෝධනයක්
අරුන්දික

අරුන්දික ප‍්‍රනාන්දු මහතා – පොල්, කිතුල් හා තල් වගා ප‍්‍රවර්ධන හා ආශ‍්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ලෙස ද දිවුරුම් දුන්නේය. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment