අමරවීර වී මෙට්‍රික්‌ ටොන්  43000ක් කොටයි

274

වී අලෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික්‌ ටොන් 43,000ක් සහල් වශයෙන් සකස් කර වෙළෙඳපොළට යවන ලෙස කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇක.
වී අලෙවි මණ්ඩලය සතුව මේ වන විට වී මෙට්‍රික්‌ ටොන් 43,000ක් තිබේ. මේ වනවිට වෙළෙඳපොළේ සහල් හිඟයක් පැවතීම සහ මිල ඉහළ මට්ටමක පවතින නිසා එය පාලනය කිරීමේ පියවරක් ලෙස වී අලෙවි මණ්ඩලය සතු වී සහල් වශයෙන් සතොස මගින් බෙදාහැරීමට කටයුතු කරන ලෙස ඇමැතිවරයා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දුන්නේය.

වර්තමානය වන විට විවෘත වෙළෙඳපොළේ සියලුම සහල් වර්ග රු. 230- 270ත් අතර අලෙවි වුවද වී අලෙවි මණ්ඩලය මගින් ලබා දෙන සහල්වල තොග මිල සහ අලෙවි කළ හැකි මිල ගණන් ඊට වඩා අවම මට්ටමක පැවැතිය හැකි බවත් ඇමැතිවරයා කීවේය.

දැනට වී අලෙවි මණ්ඩලය සතු වී තොගවලින් සහල් මෙට්‍රික්‌ ටොන් 32,000ක් පමණ සකසා ගත හැකි බව ද වී අලෙවි මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment