ටින්මාළු සෙස් බද්ද රු. 500 ට නැංවිය යුතුයි

107

ආනයනික ටින්මාළු සඳහා සෙස් බද්ද රුපියල් 500 දක්වා වැඩි නොකළොත් රටේ පවතින ටින්මාළු කර්මාන්ත ශාලා 16 ම වසා දැමීමට සිදුවනවා යැයි ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා ඊයේ (06 දා) පැවසීය.

මෙම කර්මාන්ත මේ වනවිට මසකට සති දෙකක් පමණ නිෂ්පාදන කටයුතු සිදුකරන බවත් එයද ආනයනික ටින්මාළු සඳහා සෙස් බද්ද වැඩි නොකළහොත් සම්පූර්ණයෙන් වසා දැමීමට සිදුවන බවත් ඒ මහතා කොළඹ ඊයේ (06 දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

මෙම කර්මාන්ත ශාලා වසා දැමුවහොත් ඍජු, වක්‍ර රැකියා සහ යැපෙන්නන් සමග ලක්‍ෂ 10ක පමණ පිරිසකගේ ජීවනෝපාය අහිමි වී යන බව ද ඔහු කීය. දේශීය ටින්මාළු සඳහා පනවා නොතිබූ වැට් බද්ද සියයට 18, දේශීය ටින්මාළු සඳහා ආදේශ කිරීම නිසා ටින්මාළු ටින් එකක මිල රුපියල් 125 කින් ඉහළ ගොස් ඇති බවත්, ආනයනික ටින්මාළු (400 ට) සඳහා සෙස් බද්ද පනවා ඇති ආකාරය අනුව ආනයනික ටින්මාළු ටින් එකක් සඳහා අයවන්නේ රුපියල් 85 ක් වැනි මිලක් බව ද ඔහු කීය.

ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment