උ/පෙළ මසකින් පමණ කල් යයි

834

2023 වර්ෂයේ පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගය මසකට වැඩි කාලයකින් කල් යනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

මෙම විභාගය නොවැම්බර් මස 27 වැනිදා ආරම්භ කර දෙසැම්බර් මස 21 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත් සිසුන් විශාල පිරිසක් මෙම විභාගය කල් දමන ලෙසට ඉල්ලීම් කරන ලද අතර ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් මහජන නියෝජිතයන් ලෙස විභාගය කල් දමන්නැයි පාර්ලිමේන්තුවේ දී ද ඉල්ලීම් කළහ.

ඒ අනුව විභාගය පැවැත්වීමේ දින වකවානු තීරණය කිරීම විභාග දෙපාර්තමේන්තුව විසින් සාකච්ඡා කරමින් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතව තිබිණි. මෙම විභාගය පැවැත්වෙන දින වකවානු සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නොබෝ දිනකින් ප්‍රකාශ කරනු ඇතැයි ද එම ආරංචි මාර්ග තවදුරටත් පැවසීය.

උසස් පෙළ විභාගයට මේ වන විටත් සූදානම් වී සිටින දරුවන් විශාල පිරිසක් හා ඔවුන්ගේ දෙමාපියන් මෙම විභාගය තවදුරටත් කල් නොදමන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශයට හා විභාග දෙපාර්තමේන්තුවට දුරකථන ඇමතුම් හා වට්ස්ඇප් පණිවුඩ මගින් ඉල්ලීම් කර ඇති බවද අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment