වෙන්දේසියේදී ප්‍රීතිටත් වරදියි

1877

මෙවර පැවැති අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසියේ දී ශෂාන්ක් සිං නම් ක්‍රීඩකයා පන්ජාබ් කිංග්ස් කණ්ඩායමට මිල දී ගැනීම අත් වැරදීමක් බව එම කණ්ඩායමේ සම හිමිකාරිත්වය දරන හින්දි නිළි ප්‍රීති සින්ටා ප්‍රකාශ කර තිබේ.

පෙරේදා පැවැති එම ක්‍රීඩක වෙන්දේසියේදී ශෂාන්ක් සිං වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ අතර ප්‍රීති සින්ටා ප්‍රමුඛ පන්ජාබ් කළමනාකාරීත්වය ඔහුට ලංසු තබා ඇත.

වෙනත් ඉල්ලීම් නොතිබුණු හෙයින් වෙන්දේසිකරු ශෂාන්ක් පන්ජාබ් කණ්ඩායම මිල දී ගත් බවට ස්ථීර කිරීමේ සංඥාව නිකුත් කර ඇත.

එහෙත් ශෂාන්ක් වෙනුවෙන් ලංසු තැබීම අත්වැරදීමක් බව ප්‍රීති සින්ටා, කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ට්‍රවෙර් බේලිස් සහ සම හිමිකරු නෙස් වාඩියාට අනතුරුව අවබෝධ වී තිබේ

ඒ බව වෙන්දේසිකරුට දැනුම් දී වරද නිවැරදි කර ගැනීම සඳහා නෙස් වාඩියා සහ ප්‍රීති සින්ටා උත්සාහ කළද වෙන්දේසිය මෙහෙයවූ මල්ලිකා සාගාර් පැවසුවේ ශෂාන්ක් පන්ජාබ් විසින් මිලදී ගනු ලැබූවෙකු ලෙස තහවුරු කර අවසන් බවයි.

“ඒක වැරදි නමක්ද? ඔබට ක්‍රීඩකයා අවශ්‍ය නැද්ද? ඒත් දැන් කරන්න දෙයක් නැහැ” මල්ලිකා ප්‍රීති සින්ටා ට පැවසුවාය.

advertistmentadvertistment
advertistmentadvertistment