මුතුරාජවෙල රක්ෂිතයේ ජයටම කරගෙන ගිය හොර අරක්කු තිප්පොළක් වටලයි

117

නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා ගෝඩා මිලිලීටර් හාර ලක්ෂ 60000 කඳාන කළඑලිය ප්‍රදේශයේ මුතුරාජවෙල රක්ෂිතයට අයත් වගුරු බිමක් තුළ රහසිගතව සඟවා තිබියදී 24දා දින සිදුකළ මෙහෙයුමකදී එක් සැකකරුවෙකුද සමග අත් අඩංගුවට ගත් බව කඳාන පොලිසිය පවසයි.

දැඩි වෙහෙසක් දරා කටු අකුලින් සහ කඩොලාන ශාක වලින් ගහන වගුරුබිමේ කරවටක් ජලයෙන් පිරි ජලාශයක් තුළ යකඩ බැරල් 26 ක දමා සඟවා තිබූ ගෝඩා තොගය අත්අඩංගුවට ගෙන ගොඩට ගෙන ඒමට පොලිස් නිලධාරින් හැකිව ඇත.

මෙම ස්ථානයේ ගෝඩා ගබඩාකර තබාගෙන විවිධ ස්ථානවල නීතිවිරෝධීව මත්පැන් පෙරණ තිප්පොළවල්වලට හොර රහසේ අත්පිට මුදලට බෙදාහරින බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

කඳාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාශ් කහඳවල මහතාගේ මෙහෙය වීම යටතේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එන්.එස්. මහවත්ත, උප පොලිස් පරීක්ෂක ප්‍රයන්ත, පොලිස් කොස්තාපල්වරුන් වන කුලතිලක (31961), තෙන්නකෝන් (31764), චන්දන (99258) යන නිලධාරින් විසින් මෙම වැටලීම සිදුකොට ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බී.ටී.කේ- ජාඇල අතිරේක

advertistmentadvertistment
advertistmentadvertistment