කාන්තාවකගේ රන්මාලය කොල්ලකා පා පහරවල් කීපයකුත් එල්ල කරලා – සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට

1450

එස්.ඞී අබේසිංහ මහරගම කැස්බෑව ජයසිංහ, ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප‍්‍රනාන්දු මිරිහාන, අතුරුගිරිය, මුල්ලේරියාව හා බොරලැස්ගමුව යන පොලිස් වසම් වල යතුරුපැදියකින් සැරිසරා කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනකු මීගොඩ බටවල ප‍්‍රදේශයේදී (31) දින කොල්ලකා තිබූ රන් භාණ්ඩ කීපයක් කීපයක්ද සමග අත්අඩංගුවට ගත් බව මිරිහාන නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පැවසීය.

කාන්තාවකගේ රන්මාලය කොල්ලකා පා පහරවල් කීපයකුත් එල්ල කරලා - සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට

අත්අඩංගුවට පත්වූ සැකකරුවෙකු නුගේගොඩ අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අයෙක් බවත් සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී කොල්ලකන ලද රන් මාලයක් සහ කොල්ලකෑමට යොදාගත් යතුරුපැදියද පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවත් පැවසීය.

කාන්තාවකගේ රන්මාලය කොල්ලකා පා පහරවල් කීපයකුත් එල්ල කරලා - සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට

පසුගිය මාස කිහිපය තුළ මෙම සැකකරුවන් දෙදෙනා මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කොල්ලකෑම් පිළිබඳ පොලිසියට පැමිණිලි රාශියක් ලැබී තිබූ බවත් ඒ අනුව තාක්ෂණික ක‍්‍රම උපයෝගී කරගනිමින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.

 කොල්ලකෑම සඳහා උපයෝගී කරගත් යතුරු පැදියට ව්‍යාජ අංක තහඩු සවිකර තිබූ බවත් මුල්ලේරියාව හා බොරලස්ගමුව යන ප‍්‍රදේශයන්හි රන්මාල කොල්ලකෑම් හා කාන්තා අත්බෑග් පැහැරගෙන යාම සම්බන්ධයෙන් මීට පෙර එම ප‍්‍රදේශයන්හි අදාළ පොලිස් ස්ථානවලින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස්ව පැමිණ නැවත එම ක‍්‍රියාවෙහිම යෙදෙන පුද්ගලයන් දෙදෙනෙක් බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලීසිය පැවසීය.

 සැකකරුවන් දෙදෙනා නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත නුගේගොඩ මිරිහාන කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.කේ.ජී. හේවගේ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක සුමින්ද ජයලත්, පොලිස් සැරයන් 10810 කපිල කුමාර, පොලිස් කොස්තාපල්වරුන් වන 69080 ප‍්‍රමිල, 76917 සෙනෙවිරත්න, 93377 ත‍්‍රිමාන්න, 37256 දයාරත්න, පොලිස් කොස්තාපල් රියදුරු 93302 දයාරත්න යන නිලධාරීන් විසින් පරීක්ෂණ පවපවත්වනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment