කදිර්ගාමර් දිවිපුදා වසර 18යි

240

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ දේශමාමක ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතාගේ 18 වැනි ගුණ සැමරුම අදට (12 දාට) යෙදී ඇත.

1994 මහා මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ කදිර්ගාමර් මහතා චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ විදේශ ඇමැති ධුරයට පත්වූ අතර ශ්‍රී ලංකාවේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් විශාල කැපවීමක් කළ ඒ මහතා එල්.ටී.ටී.ඊ. සංවිධානය ශ්‍රී ලංකාව තුළ මෙන්ම ලොව රටවල් ගණනාවක තහනම් සංවිධානයක් ලෙස නම් කිරීම සඳහා විශේෂ කාර්යභාරයක් විදේශ ඇමැතිවරයා ලෙස ඉටු කළේය.

එලෙසම 2001 සිට විපක්‍ෂයේ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළ කදිර්ගාමර් මහතා 2004 සිට 2005 අගෝස්තු 12 වැනිදා දක්වා විදේශ ඇමැතිවරයා ලෙස කටයුතු කළේය. උපතින්ම හින්දු භක්තිකයකු වූ කදිර්ගාමර් මහතා වෙසක් පොහොය දින ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට යෝජනා කරමින් එදින ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කිරීමට මූලිකව ක්‍රියා කළේය.

2005 අගෝස්තු 12 වැනිදා කොළඹ විජේරාම පාරේ සිය නිවාස පරිශ්‍රයේ පිහිනුම් තටාකයේ සිටියදී එල්.ටී.ටී.ඊ. ස්නයිපර් වෙඩික්කරුවකු තැබූ වෙඩි ප්‍රහාරයකින් ලක්‍ෂ්මන් කදිර්ගාමර් මහතා දැයෙන් සමු ගත්තේය.

ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment