ඉරාන ජනපති ලබන සතියේ දිවයිනට

82

ඉරාන ජනපති ඉබ්‍රහිම් රයිසි මහතා ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතය.

මේ වනවිට වැඩ නිමවා ඇති උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට සහභාගිවීම සඳහා ඉරාන ජනාධිපතිවරයා දිවයිනට පැමිණෙනු ඇත.

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය, ඉරාන ආනයන බැංකුවේ ණය ආධාර යටතේ 2011 වසරේදී වැඩ ආරම්භ කෙරුණු අතර ඉන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් එක් කෙරේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මෙම මස 24දා ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment