දුම්රිය සංඥා නවීකරණයට ඉන්දියාවෙන් කෝටි 490ක් ගිවිසුමට අත්සන් තැබේ

141

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ දුම්රිය සංඥා සහ සන්නිවේදන පද්ධතිය නවීකරණයට රුපියල් කෝටි 490 ක මුදලක් ලබා ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇත.

ඒ අනුව මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ සංඥා සහ සන්නිවේදන පද්ධතිය නවීකරණය කිරීම සිදු කරනු ලබයි. අදාළ ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කිරීම ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඉකුත් 21 වැනිදා සිදු කෙරිණි.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් එල්. එච්. තිලකරත්න මහතා සහ ඉන්දියානු රජය යටතේ ක්‍රියාත්මක වන ඉර්කෝන් ජාත්‍යන්තර සමාගම වෙනුවෙන් එහි අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරමින් පරාග් වර්මා මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදු කරන ලදී.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment