ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට වීසා ප්‍රමාදය නිසා පිටත් වීම කල් යයි

182

ලෝක මලල ක්‍රීඩා ශුරතා තරගාවලිය 2023 නියෝජනය කරන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ඊයේ (15 වැනිදා) හංගේරියාවේ බුඩාපෙස්ට් බලා පිටත්ව යෑමට නියමිතව සිටියද වීසා ලැබීමේ ප්‍රමාදයක් මත ඔවුන්ට ඊයේ ඒ සඳහා පිටත් වීමට නොහැකි වී ඇත.

පෙරේදා උදෑසන 10 වනවිට වීසා ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටියද වීසා ලැබෙන විට ප.ව.1.00 පමණ වී ඇත.

ඒ අවස්ථාව වන විට කලින් සැලසුම් කළ ගුවන් යානයෙන් පිටත් වීමට ප්‍රමාණවත් කාලයක් නොවීම හේතුවෙන් එම ප්‍රවේශපත් අවලංගු කර පසු ගුවන් යානයක් සඳහා ප්‍රවේශ පත්‍ර ලබා ගෙන ඇත.

ඒ අනුව අදාළ මලල ක්‍රීඩා කණ්ඩායම හෙට (17 වැනිදා) හංගේරියාව බලා පිටත්ව යෑමට නියමිත වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් 6ක් සහ එක් ක්‍රීඩිකාවක් ඒ සඳහා සහභාගි වීමට නියමිතව සිටින අතර තරගාවලිය ලබන 19-27 දින දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කාලිංග කුමාරගේ, පබසර නිකු, අරුණ දර්ශන, දිනූක දේශාන්, පසිඳු කොඩිකාර, අරුණ දර්ශන සහ රාජිත රාජකරුණා (මීටර් 400 සහය දිවීම) සහ දිල්හානි ලේකම්ගේ (හෙල්ල විසිකිරීම) යන ඉසව්වලින් තරගාවලියට සහභාගී වෙති.

අජිත නාරගල කණ්ඩායමේ කළමනාකරු ලෙස එක් වන අතර හර්ජන් රත්නායක කණ්ඩායමේ පුහුණුකරු ලෙසද අයිරාංගනී රූපසිංහ කණ්ඩායම් භාර නිලධාරිනිය ලෙස ද තරගාවලියට එක්වෙති.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment